මාලිමා මන්ත්රිනියගේ සැමියාගේ පහරදීමෙන් නගර සභා සේවකයෙක් රෝහලේ
Ada Derana
0:00 / 0:00
මාලිමා මන්ත්රිනියගේ සැමියාගේ පහරදීමෙන් නගර සභා සේවකයෙක් රෝහලේ
17 254 просмотра · 15 часов назад
Ada Derana
3,94 млн подписчиков
17 254 просмотра · 15 часов назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
මාලිමා මන්ත්රිනියගේ සැමියාගේ පහරදීමෙන් නගර සභා සේවකයෙක් රෝහලේ | පහරදීමට විරෝධය පා වැඩවර්ජනයකුත්...
| "දහපාරක් විතර ඔළුවට ගැහුවා"
නගර සභා සේවකයෙකුට හලාවත නගර සභාවේ නාගරික මන්ත්රීවරියකගේ සැමියා පහරදීමට හා ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් අද (15) පෙරවරුවේ හලාවත නගර සභාවේ සුළු සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
හලාවත නගර සභාවේ විදුලි අංශයේ සේවය කරන සේවකයෙකුට මෙම පහරදීම සිදුකර තිබුණේ, පසුගිය 13 වැනි දිනයි. එදින ඔහු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයා තවමත් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
මේ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන ලෙසට හලාවත නගර සභාවේ සේවකයන් බහුතරයක් අදාළ අංශවලින් ඉල්ලා සිටියත් එය මේ දක්වා ඉටුනොවූ බව හලාවත නගර සභාවේ උප සභාපති නීතිඥ හිලරි ප්රසන්න මහතා පැවසිය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හලාවත නගර සභාවේ සභාපති නීතිඥ සුමේධ පෙරේරා මහතා ප්රකාශ කළේ, මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
පහරදීම සිදුකර ඇති නාගරික මන්ත්රීවරියගේ සැමියා විදුලි අංශයේ සේවකයෙකු බවත් ඒ සම්බන්ධයෙන්, මීට පෙරත් අවස්ථා කිහිපයකදී මෙම සේවකයා මෙලෙස පුද්ගලයින්ට පහර දී ඇති බවද වාර්තා වේ.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews