Перейти к содержимому

ගඩොලින් නිර්මාණය වූ ලොව විශාලතම ස්තූපය - Jethawanaramaya ✨|| Anuradhapura - Srilanka 🇱🇰

Travel with Hasi

0:00 / 0:00

ගඩොලින් නිර්මාණය වූ ලොව විශාලතම ස්තූපය - Jethawanaramaya ✨|| Anuradhapura - Srilanka 🇱🇰

344 просмотра · 7 дн. назад
Travel with Hasi
1,81 тыс. подписчиков
344 просмотра · 7 дн. назад
📍ජේතවනාරාමය ජේතවනාරාමය අනුරාධපුර පිහිටා ඇති ප්‍රධාන දාගැබක් වේ. අඩි 400(මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්තූපය ලෙස හදුන්වනවා. මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ජේතවනාරාමය ඉදිකරවූයේ මහසෙන් රජු විසිනි. බුදුන් වහන්සේ පැලදි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. ජේතවනාරාම විහාරාරාම සංකීර්ණය යනු අති විශාල ප්‍රදේශයක විහිදි ඇති වටිනා නටබුන් රාශියකින් සමන්විත ප්‍රදේශයකි. පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. මෙම ථූපය සාගලික නිකායට අයත් වේ. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුන භූමියක් ලෙස හැදින්වීමට පුළුවනි. ථූපයේ හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. ප්‍රතිමාඝර, සන්නිපාතශාලා, දානශාලා , බෝධිඝර, ජන්තාඝර (Hot water barth room) ආදී අංග සම්පූර්ණ විහාරයකට අවැසි සියලුම අංගයන් මෙහි අඩංගු වන නමුත් බොහෝවිට නරඹන්නන්, බැතිමතුන් විසින් අවධානය යොමුකරනු ලබන්නේ ප්‍රධානතම අංගය වන ස්ථූපයට පමණි. එසේම ළිං, කැසිකිළි, වැසිකිලි, පොකුණු වැනි ආරාමයකට අවැසි අනෙකුත් අංගයන්ගෙන් ද ජේතවනාරාමය පරිපූර්ණව තිබූ බවට සාධක දක්නට ලැබේ. භික්ෂූන්ගේ ජල පරිභෝජනය සඳහ ඉදිකරන ලද ළිං අතර පහළට බැසීම සඳහා පියගැට පෙළක්ද සහිතව ඉදිකර ඇති ළිං වර්තමානයේදි ද දක්නට ලැබේ. Copied..✍️ 👇    / @travelwithhasi_91