Перейти к содержимому

යශෝදරා තෙරනි වන්දනාව 02 | ගාතා,කවි, වන්දනා කරන විදි| ප්‍රශ්න වලට උත්තර 🌼#vlogs #vlogger #viral

Jiwithe Pituwak

0:00 / 0:00

යශෝදරා තෙරනි වන්දනාව 02 | ගාතා,කවි, වන්දනා කරන විදි| ප්‍රශ්න වලට උත්තර 🌼#vlogs #vlogger #viral

87 596 просмотров · 3 года назад
Jiwithe Pituwak
20,7 тыс. подписчиков
87 596 просмотров · 3 года назад
යා අබිරූපා දස්සනීයා-බික්කුනී සංඝ සෝබනී සා ආසවා පරික්කීනා-වීතරාගා මහිද්දිකා තං මහාපුජ්ජවතිං පරිනිබ්බුතිං වන්දාමි රාහුල මාතා යශෝදරා ති🌸🌸 ඉතා මනහර රූ ඇති-දැකුම්කලු වූ පෙනුමැති යම් තෙරනියක් බික්කුනී-සඝරුවන හොබනීද කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්දිය ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ රාහුලමාතා යශෝදරා - සාදරයෙන් වදිමි මම 🌸 අප බගවත් බුදුරජුන්හට උතුම් පාරමී දන් පුරන්නට යශෝදරා මහා උත්තමාවී, සසර ගමනේ එක් වූ සේක මහ බෝසත් සමිදුන් හට උතුම් සම්බුදු බවම පතමින් සෙවනැල්ල සේ සවිය ලැබ දී , බවෙන් බවයේ හමු වූ සේක ඒ බෝසතුන් තුන් ලොව දිනා, දැසූ සුන්දර සදහම් අසා සංසාරයෙන් එතෙර වන්නට , ගොයුම් සසුනට සපැමිනි සේක සිල්දම් පැලද සසුනේ ඇලී, සොදුරු සමවත් දැහැනේ වෙලී පිපුණු වන පස මලක් විලසින් ,සැගවි සැගවී වැඩ හුන් සේක නිවන් සලසන දහමේ වෙලී,මහා අබිජ්නා ගුනයෙන් නිවි නිවී ගිය පහනක් සේ,ගොයුම් සසුනින් පිරිනිවුන සේක බෝසතුන් හට සෙවනැල්ල වී,ගොයුම් සසුනේ පිරිනිවී ගිය යශෝදරා මහරහත් තෙරණිය හට මම මහත් සාදරයෙන් වන්දනා කරන්නෙමි. සාදු සාදු සාදු ඒ අපගේ උතුම් මහරහත් තෙරණින් වහන්සේ උදෙසා අප විසින් පිලියෙල කල ,දැල් වූ පහන් ආලෝක පැතිරෙන සුවද දුම් පූජා කරමි පූජා වේවා පිවිතුරු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා ඖෂධ ගිලන්පස පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා ,සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්දාවෙන් පූජා කරමි පූජා වේවා // පූජා කරමි පූජාම වේවා 🌸🌸🌸