ප්‍රදීපාගාරය I Episode 9 I අලෙක්සාන්ද්ර් පුෂ්කින් I Александр Сергеевич Пушкин
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Episode 9 I අලෙක්සාන්ද්ර් පුෂ්කින් I Александр Сергеевич Пушкин
6 845 просмотров · 1 год назад
Sisira Kumara Bandaragama
10,8 тыс. подписчиков
6 845 просмотров · 1 год назад
රුසියානු මහා කවි අලෙක්සාන්ද්ර් පුෂ්කින් තම කෙටි ජීවිත කාලය තුල දහසකට කිට්ටු කවි, සුරංගනා කතා 7ක්, කෙටි කතා 16ක්, නාට්‍යය 6ක්, කාව්‍ය 14ක් , එක කාව්‍ය-නවකතාවක් සහ සිය ගණනක් ලිපි ලේඛණ ලියනවා. එතෙක් සාහිත්‍ය රචනයට යෝග්‍ය නැතැයි අවලංගු වී තිබුනු රුසියන් භාෂාව සරල සුගම බසක් බවට පත් කලේ පුෂ්කින් තමාගේ ඒ කෙටි ජීවිත කාලය තුලයි. පුෂ්කින් ගෙන් පසු වැල නොකැඩී අද්විතීය රුසියානු සාහිත්‍යකරුවන් නැඟී එන බව අප දන්නවා - ෆියෝදර් දොස්තොයෙව්ස්කි, ඉවාන් තුර්ගේනියෙව්, ලියව් තෝල්ස්තෝයි, අන්තොන් චෙකොව් බිහි වෙන්නට පටන් ගන්නේ මේ විශ්මිත පෙරලිය නිසාය යන්න අද විශ්වාස කරනවා.
ඉතින් අද අපි මේ සාකච්ඡාවේදී හොයා බලමු - ඇයි පුෂ්කින් රුසියානුවනට මේ තරම් වැදගත් කියල. පුෂ්කින් මොන ආකාරයෙන් ද රුසියානු භාෂාව හා සාහිත්‍යය අලුත් මාවතකට හැරෙව්වේ කියල. ඒ විතරක් නෙවෙයි.. අපි පූෂ්කින්ගේ දීප්තිමත්, වර්ණවත් ජීවිත කතාවට එබී බලමු. ඔහු ලියූ පොත් පත් ගැන කතා කරන අතරම, ඔහුගේ විශිෂ්ඨ කවි කිහිපයක් ඔබ වෙතට ගෙන එන්නත් මා බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම්.. හොඳ සැර කෝපි කෝප්පයක් සූදානම් කරගෙන පහසුවෙන් වාඩි වෙන්න. අපි යමු දාහත්වෙනි සියවසේ රුසියාවට - අලෙක්සාන්දර් පුෂ්කින් හොයාගෙන..