මහමෙව්නාව පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් දේශිත අසිරිමත් සිරිපා වන්දනාව කවි
Dhahamsa - The voice of Dhamma
0:00 / 0:00
මහමෙව්නාව පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් දේශිත අසිරිමත් සිරිපා වන්දනාව කවි
227 565 просмотров · 6 лет назад
Dhahamsa - The voice of Dhamma
2,62 тыс. подписчиков
227 565 просмотров · 6 лет назад
උතුම් වන්දනා කවි ඇසිමෙන් මගේ හද සසළ විය! බුද්ධාලම්භන ප්‍රීතියෙන් හිත පිනා ගියේය!
___
සංසාරේ පින් මහිමෙන් සුන්දර වූ සිරිපා
පින්සර ලකුණින් වොරැදුණු – උත්තම මුනි සිරිපා
නන්දනීය පින් කැන්දා – වදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
ලුම්ම්බිණියේ පියුම් මතින් – සක්මන් කල සිරිපා
පිය රජිදුන් නළල රැදී – වැදුම් ලැබූ සිරිපා
දෙවුමිනිසුන් හට සතුටින් – වදින්ට කරා සිරිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
අනඳ සමිදු හැමදාමත් සිබ වදිනා සිරිපා
සුවඳ සීත දිය දහරින් දෝවලන සිරිපා
අනඳ හිමි වගේ අදරින් – වදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
ලොවුතුරු දම් පතුරුවමින් – මනුලොව වැඩි සිරිපා
දූලි මතින් බොරළු මතින් – සක්මන් කළ සිරිපා
වෙහෙසුණු ඒ පා සිහිකර – වදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
යෝනකපුර දුරු කතරේ තබනා ලද සිරිපා
නර්මදාවේ ගo තීරේ පිහිටුවනා පිරිපා
සමනොලගිරි හිස සතුටින් – වදින්ට කර පිනිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
කැළණි ගගේ ගැන පතුලේ – සැගවී ඇති සිරිපා
නා දරුවන් කඩුපුල් මල් තබා පුදා වදින සිරිපා
සමන්ගිරේ වනමල් ගෙන- වදින්ට කර පිනිපා
මුනිඳාණෙනි සමන්ගිරේ- තබන්න ඒ සිරිපා
සමිඳුනි ඔබෙ සව්වන් හැම – වදින්ට එන සිරිපා
පුළුනක් සේ ගෙන යන්නම් – කඳු මුදුනට සිරිපා
දිවමන් හිමි දුටුවා සේ – වැඳගන්නට සිරිපා
මුනිඳාණෙනි සමන් ගිරේ – තබන්න ඒ සිරිපා
මුනිඳාණෙනි සමන් ගිරේ – තබන්න ඒ සිරිපා
රහතුන් පිරිවැරු මුනිදුන් – තරු වට දිලි සඳ විලසින්
අහස කුසින් සමන් ගිරට සෙමින් වැඩමනා
සාදු සාදු දසුන් මැවේ නුවන් වන්දනා
සුමන සමන් දෙව් රජිදුන් – ඇරයුම පිළිගෙන සතුටින්
නීල මැණික මත හිමි පා – පියුම රන්ඳනා
සාදු සාදු පාදපත්ම කරමු වන්දනා
රන්වන් රන් සදක් ලෙසින් – රන්වන් අප මුනිදු වෙතින්
සමනොලගිරි හිස රන්පා කිරුළ නැංවුණා
සාදු නදින් නිම් නාදෙන් නැගුණි නන්දනා
දිව මල් වැගිරේ අහසින් දෙව් තුරු නද දේ දසතින්
දේව සරින් ගී ගයමින් නගති නන්දනා
සාදු සාදු දේව බබුන් කරති වන්දනා
සමන් සුරිදු කරුණාවෙන් – සමන් ගිරිහිසේ සුරෑදුන
ගෝයුම් පා පියුම සතුටින් – කරමු වන්දනා
සාධු සාධු පින් පුරවමු –නිවන කැන්දනා
සාධු සාධු පින් පුරවමු –නිවන කැන්දනා
______
සංසාරේ පින් මහිමෙන් සුන්දර වූ සිරිපා
පින්සර ලකුණින් වොරැදුණු – උත්තම මුනි සිරිපා
නන්දනීය පින් කැන්දා – වදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
ලුම්ම්බිණියේ පියුම් මතින් – සක්මන් කල සිරිපා
පිය රජිදුන් නළල රැදී – වැදුම් ලැබූ සිරිපා
දෙවුමිනිසුන් හට සතුටින් – වදීන්ට කරා සිරිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
අනද සමිදු හැමදාමත් සිබ වදිනා සිරිපා
සුවද සීත දිය දහරින් දෝවලන සිරිපා
අනද හිමි වගේ අදරින් – වාදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
ලොවුතුරු දම් පතුරුවමින් – මනුලොව වැඩි සිරිපා
දූලි මතින් බොරළු මතින් – සක්මන් කළ සිරිපා
වෙහෙසුණු ඒ පා සිහිකර – වදින්ට කර පිණිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
යෝනකපුර දුරු කතරේ තබනා ලද සිරිපා
නර්මදාවේ ගo තීරේ පිහිටුවනා පිරිපා
සමනොලගිරි හිස සතුටින් – වදින්ට කර පිනිපා
මුනිඳාණෙනි සමන්ගිරේ – තබන්න ඒ සිරිපා
_______
සමන් සුරිදු කරුණාවෙන් – සමන් ගිරිහිසේ සුරෑදුන
ගෝයුම් පා පියුම සතුටින් – කරමු වන්දනා සාධු සාධු පින් පුරවමු – නිවන කැන්දනා
පින්සර මුනිදුනි ගව්දුර ගෙවමින් – පිය ගැට නැග්ගේ සමිද සොයන්
සෙව්වා සෙව්වා හිමි රුව සෙව්වා – නැහැ දුටුවේ නෑ මා දෙනුවන්
රන් තරු වටකොට පුරහද දිදුලන – සොදුරු නොවේ මේ රෑය මෙතරම්
සමනොළ ගිරිහිස සගපිරිවර මැද – මුනිසදු දිලී ඒ රැය එතරම්
ඉදුනිල් මිනි මත සුරැදුන සිරිපා – දිවමන් මුනිදුන් දුටුවා ලෙසින්
වැන්දා සමිදුනි අද මං වැන්දා – සිරස තබා සිත් පුරා තුටින්
සිරිපා වදිනා සතුට හැලෙනා-කදුලෙන් තෙමෙනා පාද පියුම්
දොවන්නම් මා සිතක් පුරාවට – සුසුවද හමනා සීත පැනින්
සාධු සාධු අනුමෝදාමි!
නමෝ බුද්ධාය!
සියලු උපුටා ගැනීම්-
www.shraddha.lk