Cube Measurements ගන්නේ මෙහෙමයි
Technical Handiya
0:00 / 0:00
Cube Measurements ගන්නේ මෙහෙමයි
17 896 просмотров · 2 г. назад
Technical Handiya
24,8 тыс. подписчиков
17 896 просмотров · 2 г. назад
Cube Measurements, Lorry Volume, Lorry Volume Calculation, Cube Calculation, Cubic Feet, Volume Measurement, Sand Measurement, Aggregate Measurement, Construction Tips, Building Materials, Sri Lanka Construction, Technical Handiya, Lorry Capacity, Cubic Measurement, Volume Calculation
එදිනෙදා ජීවිතයට මේ වීඩියෝවද වැදගත් වේ යයි සිතමි.
මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනලය පවත්වාගෙන යනු ලබන මගේ නම චන්දන අබේගුණසේකර.
මා විසින් හදාරා ඇති ක්ෂේත්රය වන්නේ කාර්මික විද්යාවයි.
මම කාර්මික විද්යාව පිළිබඳව නිතරම අත්හදාබැලීම් කරන්නෙක්. මා විසින් හදාරනු ලැබූ කාර්මික විද්යාව සම්බන්ධව ඇති අත්දැකීම් පමණක් නොව මා විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන විවිධ ක්ෂේත්ර වල පර්යේෂණ කටයුතු පිළිබඳව සහ මාගේ ජීවිත අත්දැකීම් ද මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනල් එක මගින් සමාජයේ වෙත පිරිනැමීම මාගේ අරමුණයි.
මෙම video channel එකේ සේවාව අදට වඩා හෙට ට අත්යවශ්ය වේ යැයි මා සිතමි. මක්නිසාදයත් ශ්රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් දුවා,දරුවන් කාර්මික අධ්යාපනයට යොමුවීම සඳහා ඇති ඉඩකඩ පාසල් විෂය නිර්දේශය මගින් අවහිර වී ඇති නිසා පාසල් අධ්යාපනයෙන් පසු දරුවන් විධිමත් කාර්මික අධ්යාපනයක් ලබා ගැනීම සදහා
කාර්මික විද්යාල වෙත නොපැමිනේ. මේ හේතුවෙන් රටට අවශ්ය පුහුණු කාර්මික ශ්රමය දැඩි අර්බුදයකට මුහුණපා සිටී. එපමනක් නොව ඔබගේ ද අපගේ ද දිනෙදා ජීවිතයට අවශ්ය වන පුහුණු කාර්මිකයින්ගේ හිගය නිසා අප සැම විශාල අපහසුතාවයකට පත්වී තිබේ. මෙම තත්වයෙන් යම් තරමකට හෝ මිදීමට නම් කල යුත්තේ ඔබ එදිනෙදාට අවශ්ය වන කර්මික දැනුම යම් ප්රමාණයකට හෝ ලබා ගැනීමයි. ඒ සදහා ද මෙම වීඩියෝ චැනලය යම් තරමකට හෝ උදව්වක් වනවා ඇතැයි සිතමි.
මෙයට අමතරව පාසලෙන් විශ්ව විද්යාලයකට ඇතුලුවීමට නොහැකිවූ දුවා දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට, රැකියාවක් කිරීමට අවශ්ය මග පෙන්වීම ද මෙම “ ටෙක්නිකල් හංදිය” You Tube Channel එක පවත්වාගෙන යාමේ තවත් පරමාර්ථයකි.