Перейти к содержимому

භරත නර්තන ශිල්පිනියකගේ රංගවස්ත්‍රාභරණ පිළිබඳ විමසමු | භරත නර්තන සම්ප්‍රදාය | සාමාන්‍ය පෙළ නර්තනය

Dancing lessons with Anusha silva

0:00 / 0:00

භරත නර්තන ශිල්පිනියකගේ රංගවස්ත්‍රාභරණ පිළිබඳ විමසමු | භරත නර්තන සම්ප්‍රදාය | සාමාන්‍ය පෙළ නර්තනය

1 394 просмотра · 2 мес. назад
Dancing lessons with Anusha silva
6,77 тыс. подписчиков
1 394 просмотра · 2 мес. назад
⚫ මෙහි ඇති කිසිදු දර්ශනයක් කර්තෘවන මාගේ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ . භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායේ දී නර්තන ශිල්පිනිය සැරසෙනුයේ දක්ෂිණ භාරතීය මනාලියකගේ ස්වරූපයෙනි. අතීතයේ දී භරත නාට්‍යම් ශිල්පිනිය රංග වස්ත්‍රාභරණ ලෙස තුසියා සේලය භාවිත කර ඇත. ක්‍රමික විකාශනයෙන් වර්තමානයේ දක්නට ලැබෙන රංග වස්ත්‍රාභරණ ඉතා අලංකාර ලෙස නිර්මාණය වී ඇත. එම සැකැස්මට දායක වූයේ රුක්මණී දේවි අරුන්ඩේල් ය. භරත නාට්‍යම් සම්ප්‍රදායේ භාවිත කරනු ලබන රංග වස්ත්‍රාභරණ මගින් භාරතීය සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණ මැනවින් නිරූපිත ය. භරත නාට්‍යම් ශිල්පිනිය උඩුකයට හැට්ටයෙන් සැරසෙන අතර පපූ පෙදෙස දාවනිය හෙවත් සළුවෙන් ආවරණය කෙරෙයි. ඇතැම් විට හැට්ටයට ම මෙම සළුව රැලි තබා සම්බන්ධ කර අලංකාර ව සකසා ගැනේ. උක්ත සඳහන් රංග වස්තු කට්ටල තුනෙහි ම යටිකයෙහි ඉදිරියෙන් ඉණෙහි සිට වළලු කර දක්වා විසිරී නම් වන රැලි සහිත කොටසක් වෙයි. මෙය Fan (ෆෑන්) ලෙස හැඳින්වෙයි. මෙම විසිරී කොටස තට්ටු තුනකින් සකස් කරගන්නා (Three Fan Costume) ත්‍රී ෆෑන් කොස්ටියුම් අවස්ථා ද වෙයි. භරත නාට්‍යම් සම්ප්‍රදායේ මූලික අංගහාරය වන "අරමන්ඩියේ" පිහිටි විට විසිරී කොටස (Fan) ඉතා අලංකාර ව විහිදියි. මුළුමණ්ඩි ඉරියව්වට පිහිටි විට ද මෙම විසිරී කොටස අවානක ආකාරයට අලංකාර ව විහිදී පවතී. එමෙන් ම ඇතැම් අඩවු නර්තනයේ දී මෙම රංග වස්තු කට්ටලයේ අලංකාරය ඉතා මැනවින් ඉස්මතු වන අවස්ථා දැකගත හැකි ය. උදා : තත්තෙයිතාම් අඩවු නර්තනයේ දී පාදය පැත්තට විහිදුවන ඉරියව්, මණ්ඩි අඩවු නර්තන, භරත නාට්‍යම් සම්ප්‍රදායෙහි එන කරණ නිශ්චල ඉරියව් (Poses) වල දී ද මෙම රංග වස්තු කට්ටලයේ සුන්දරත්වය විදහා දැක්වේ. භරත නාට්‍යම් ශිල්පිනිය කරට සහ පපූ පෙදෙසට මාල කිහිපයක් පළදියි. අට්ටියල් මුත්තුමාල කාසිමාල, පදක්කම්මාල භරත නාට්‍යම් රංග වස්ත්‍රාභරණ අතරෙහි එන ඔට්ටියානම් ඉණට පළදින පටියකි. භරත නාට්‍යම් ශිල්පිනියගේ හිස මල් ගවසා අලංකාර කරනු ලැබේ. කාන්තාවන් හිසෙහි මල් ගෑවීම හින්දු සංස්කෘතියේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි. භරත නාට්‍යම් ශිල්පිනියක් හිසෙහි යොදන රාක්කුඩිය වටේට මල් පොහොට්ටුවලින් සකස් කළ මල් වැල් පළදිනු ලැබෙයි. එය මොට්ටු මාලෙයි යනුවෙන් හැඳින්වේ. හිස පිටුපසට යොදන අර්ධසඳ හැඩයට ගවසනු ලබන මල්මාල විශේෂය මල්ව්රම් ලෙස හැඳින්වේ. නර්තන ශිල්පිනියගේ ගෙතූ කොණ්ඩය දිගට මල් ගවසයි. ඇතැම් ශිල්පිනියන් මල් වෙනුවට පළදින ආභරණය ජඩයිනාගම්/ ජඩනාගම් ලෙස හැඳින්වේ. මෙය ලෝහයෙන් තනනු ලබන අතර, මුතු, වීදුරු ගල් අල්ලා අලංකාර ව සකස් කරනු ලබයි. භ්‍රමරී (කැරකීම්) චලනවල දී, තත් තෙයි තාම් අඩවුවල දී පසුපස හරි මුළුමණ්ඩි ඉරියව්වේ සිටින අවස්ථාවල දී මෙම ආභරණය හෝ/මල් අලංකාර ව දිස්වෙයි. කොණ්ඩය අගට කුංඡම් නම් ආභරණය පළදිනු ලැබේ. හිසට පළදින තැල්ල උච්චිපට්ටම් සහ නෙත්තිපට්ටම් (නෙත්ති පට්ටම්) ලෙස හැඳින්වේ. උච්චිපට්ටම් (තනිතැල්ල) නෙත්තිපට්ටම් නළල දෙපසට සිටින සේ යොදන තැල්ල ය. හිස මුදුනෙහි දකුණු පසින් සූරිය පිරෙයි සහ වම්පසින් චන්ද්‍ර පිරෙයි (ඉර සඳ හැඩ ඇති ආභරණ) පළදින අතර කනට පළදින්නේ ආභරණ ජිම්ක්කි සහ මාට්ටල් ය. ජිම්ක්කි මදක් එල්ලෙන ස්වභාවයෙන් යුතු කර්ණාභරණයකි. භරත නාට්‍යම් සම්ප්‍රදායෙහි එන ගෙලෙහි චලනය (අට්ටමී) කිරීමේ දී මෙම කර්ණාභරණය අලංකාරවත් ව සියුම් ලෙස චලනය වෙයි. නාසයට මුක්කුත්ති, නන්තු, පිලාක්කු යන ආභරණ පැළඳීම භාරතීය කාන්තාවන්ට අනන්‍ය වූ ලක්ෂණයකි. මෙම ලක්ෂණය භරත නාට්‍යම් නර්තන ශිල්පිනියකගෙන් මනා ව ඉස්මතු කෙරෙයි. භරත නාට්‍යම් සම්ප්‍රදායේ දී පාදචලනවලට (Foot work) සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඉතා සංකීර්ණ පාද චලන මෙහි දී දැක ගත හැකි ය. මෙම පාදචලනයන් වඩා ඉස්මතු ව පෙනීමට පාදවලට පළදින ආභරණය "සලංගෙයි" හෙවත් ගෙජ්ජි වේ. දෙපයින් කරනු ලබන චලනවල දී මෙම ගෙජ්ජි ඉතා මිහිරි ලෙස තාලයට නද දෙයි. භරත නාට්‍යම් ශිල්පියකු හෝ ශිල්පිනියක හෝ දොරට වඩින අවස්ථාවේ දී ගුරුවරයා විසින් ඒ සඳහා අවසර ලබාදීම, ආශීර්වාද ලබාදීම යන අර්ථයෙන් ගුරුවරයා විසින් ගෝලයා වෙත මෙම සලංග/ගෙජ්ජි ලබා දෙයි. හින්දු සම්ප්‍රදායට අනුකූල ව ශිෂ්‍යයා සලංග බැඳීමට පෙර ශිව කෝවිලක් තුළ දී තම ගුරුවරයා ප්‍රමුඛව සලංග පූජාව පැවැත්විය යුතු ය. භරත නාට්‍යම් ශිල්පිනිය දෑතට වළලු පළදिती. ඒවා කාප්පු ලෙසත් ඇඟිලිවලට පළදින මුදු මොදිරම් ලෙසත් හැඳින්වෙයි. අනෙක් භාරතීය නර්තන සම්ප්‍රදායන් සමග සසඳා බැලීමේදී භරත නාට්‍යම් සම්ප්‍රදායෙහි දී හස්ත මුද්‍රා භාවිතය ප්‍රබලව දැක ගත හැකි ය. මෙම හස්ත මුද්‍රාවන් වඩාත් පැහැදිලි ව දෘශ්‍යමාන වීමට ශිල්පිනියන්ගේ දෙඅතෙහි ඇඟිලි සහ අත්ල රතු පැහැ අල්ටා යොදා වර්ණ ගන්වයි. භරත නාට්‍යම් ශිල්පීන් උඩුකය නිරාවරණ ව වම් උරහිසේ සිට දකුණු ඉණ තෙක් පූන නූලක් පළදි. යටිකයට දෝතියකින් සැරසෙයි. මෙම රංග වස්තු සාම්ප්‍රදායික හින්දු කෝවිල්වල කටයුතු කළ පූජකවරුන්ගේ ස්වරූපය සිහිපත් කරවයි.