Lanka Ride පාපැදි සවාරියේ කොළඹ–මහනුවර පළමු දින තරඟය සාර්ථකව අවසන්
The Kandy News
0:00 / 0:00
Lanka Ride පාපැදි සවාරියේ කොළඹ–මහනුවර පළමු දින තරඟය සාර්ථකව අවසන්
6 419 просмотров · 9 мес. назад
The Kandy News
723 подписчика
6 419 просмотров · 9 мес. назад
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය සංවිධානය කළ Lanka Ride පාපැදි සවාරියේ කොළඹ සිට මහනුවර දක්වා පළමු දින තරඟය සාර්ථකව නිමාවට පත්විය.
කොළඹ ලේක්හවුස් ආයතනය අසල සිට ගන්නෝරුව ජාන සම්පත් සංරක්ෂණ මධ්යස්ථානය දක්වා කිලෝමීටර් 110ක දුරක පැවැති මෙම තරඟය සඳහා කණ්ඩායම් 27ක තරඟකරුවන් 150 දෙනෙකු සහභාගීවිය.
එහි පළමු දින ජය ලැබීමට ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායමේ එච්.ඩබ්ලිව්.එම්. සඳරුවන් පින්තු ක්රීඩකයා සමත්විය. පැය 2යි විනාඩි 52යි තප්පර 41කින් තරඟය අවසන් කිරීමට එම ක්රීඩකයා සමත්විය.
දෙවන ස්ථානය ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ඒ.ඩී.එස් පෙරේරාට හිමිවූ අතර තෙවන ස්ථානය හිමිවුණේ ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද ක්රීඩකයාටය.
සුරංග රණවීර සිව් වන ස්ථානය සහ සිතුම් පූර්ණ පස්වන ස්ථානය ලබා ගත් අතර තරඟයේ පළමු දින සමාප්තිය සඳහා මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවිය.
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ අතිරේක ලේකම් සුනිල් ශාන්ත මහතා, ක්රීඩා අධ්ය්ෂ අයි.පී.විජේරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභගීවූහ.
#LankaRide #CyclingSriLanka #ColomboToKandy #SriLankaSports #ArmyCyclingTeam #KandyNews #YouthAndSports #SriLankanAthletes
#CycleRace #SportsNewsSL