Перейти к содержимому

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වරදකරුවන්වූ 15 දෙනාට වසර 200 - සිට 260 දක්වා සිරදඬුවම්

BBC News සිංහල

0:00 / 0:00

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වරදකරුවන්වූ 15 දෙනාට වසර 200 - සිට 260 දක්වා සිරදඬුවම්

131 236 просмотров · 19 часов назад
BBC News සිංහල
99,5 тыс. подписчиков
131 236 просмотров · 19 часов назад
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමෙන් පසු (සැප්තැම්බර් 23 වැනිදා) අලුයම 2.08 බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි. සැප්තැම්බර් 22 රාත්‍රී 11ට පමණ දඬුවම් නියම කිරීම ආරම්භ කෙරුණු අතර ඒ අනුව, එක් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම විය. ඊට අමතරව, විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් සිර දඬුවම් ද, තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් සිට දඬුවම් ද නියම වුණි. තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 240 බැගින් සිර දඬුවම් නියම විය. ඊට අමතරව තීන්දුව පැනවූ අද (සැප්තැම්බර් 22 වැනිදා) සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට අදාළ නිශ්චල හා චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමටද විනිසුරු මඩුල්ල නියෝග කළේය. වරදකරුවන් පිරිසක් දඩුවම් නියම කිරීමෙන් පසු, බන්ධනාගරය වෙත රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ සිට මාධ්‍ය වෙත සිය අදහස් පළ කළහ. 00:00 - Intro 00:11 - අධිකරණ වාර්තාකරුගේ ප්‍රකාශය 01:29 - ක්‍රිෂ්ණක ඩිලාන් පෙරේරා පියතුමාගේ ප්‍රකාශය 02:57 - වරදකරුවන්වූවන් බන්ධනාගාරයට රැගෙන යන අයුරු අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT ------------------------------------------------------------------------------ මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි. අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය. අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු. ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න: බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala   X 👉🏽 https://x.com/bbcsinhala #easterattack #eastersunday #BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews