Перейти к содержимому

සදහම් සාකච්ඡාව සහ පැණ විසඳුම් - 8 කොටස (2024 ජනවාරි 7)

Nibbida නිබ්බිදා

0:00 / 0:00

සදහම් සාකච්ඡාව සහ පැණ විසඳුම් - 8 කොටස (2024 ජනවාරි 7)

3 129 просмотров · 2 года назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
3 129 просмотров · 2 года назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත් පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",... 0:00 සදහම් සාකච්ඡාව 2024.01.07 වැනි දින දෙවන දේශනාව. 0:01 මග ඵල ලාභීන්ට පමණක් කළ හැකි 'දස කථා',.... 21:40 'අප්ප ඉච්ච, අප්ප කිච්ච සහ අප්ප ගබ්බ',... අල්ප වූ ඉච්චා ඇති, අල්ප වූ වැඩ කටයුතු ඇති, අල්ප වූ කාම සෙය්‍යයාවකින් හෙබි සෝතාපන්න ඵල ලාභියා. 23:43 'ඉධ භික්ඛවේ අරියසාවකෝ ආරද්ධ විරියෝ විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. ඉදං වුච්චති භික්ඛවේ විරියබලං',... රාග, දෝස සහ මෝහයන් කසල යැයි, අසුචි යැයි පඤ්ඤාවෙන් දුටු මග ඵල ලාභියා විසින් උපදවා ගන්නා 'වීර්ය්‍යය'. 30:43 'අජ්ජේව කිච්චමාතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ, න හි නෝ සංගරං තේන මහාසේනේන මච්චුනා',.. තථාගතයන් වහන්සේ දේශනා කළ 'මරණ සතිය',... 38:15 'පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිතදණ්‌ඩෝ නිහිතසත්‌ථෝ ලජ්‌ජී දයාපන්‌නෝ සබ්‌බපාණභූතහිතානුකම්‌පී විහරති',... මග ඵල ලාභී උතුමන් වහන්සේලා වඩන්නා වූ 'පාතිමොක්ඛසංවරසීලය',.... 1:03:40 කළාණ මිත්‍රයෙකු හමු වූ පසුව නිවනට පත් වන සදහම් ශ්‍රවනයෙන් සෝවාන් මගට පැමිණි උත්තමයින් යෝනිසෝමනසිකාරය කර ඵලය සාක්ෂාත් කරයි. ඉන් අනතුරුව හෙතෙම පිරිසිදු බ්‍රහ්මචර්යාව වැඩීමට සූදානම් විය යුත්තේ කෙසේදැයි බුදු පියාණන් වහන්සේ මෙසේ අනුදැණ වදාළ සේක. 1:14:15 සෝතාපන්න මාර්ගයට අවතීරණ වීමට අවශ්‍ය ප්‍රත්‍යය දෙකකි. එනම් 'පරතෝඝෝෂ' ප්‍රතය්‍යය සහ 'යෝනිසෝමනසිකාරා' ප්‍රත්‍යය ය. 1:19:45 'කථඤ්චානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හෝති: ඉධානන්ද, භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති',.. ඉන්ද්‍රිය භාවනාවෙන් පසු සිත 'උපෙක්ඛා සණ්ඨාති' නම් වූ උතුම් සිත හඳුනා ගත් අරිය සාවකයා සතර සතිපට්ඨානය වැඩීම අරඹයි.