Перейти к содержимому

මතෙව්තුමාගේ ඇස් දෙක දිහා කෙළින් බලා කතා කළ, පළමු කෙනා කවුද? | THE CHOSEN - EPISODE 07

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

මතෙව්තුමාගේ ඇස් දෙක දිහා කෙළින් බලා කතා කළ, පළමු කෙනා කවුද? | THE CHOSEN - EPISODE 07

2 762 просмотра · 2 дн. назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
40,3 тыс. подписчиков
2 762 просмотра · 2 дн. назад
මතෙව් තුමා ඔටිසම් තත්ත්වයෙන් පෙළුණා ද? ගණන්කාරයෙක් ද? හෙංචයියෙක් ද? THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 07 – මතෙව් මතෙව්… අන් අයට වඩා වෙනස් වූ කෙනෙක්ද? රෝමවරුන් වෙනුවෙන් බදු එකතු කළ ගණන්කාරයෙක්ද? ජනතාවගේ පිළිකුලට ලක් වූ හෙංචයියෙක්ද? එහෙමත් නැත්නම්, ජේසුස් වහන්සේ වෙනස් දෑසකින් දුටු මිනිසෙක්ද? මතෙව් තුමාගේ චරිතය පිළිබඳව “The Chosen” තුළින් ඉදිරිපත් කරන වෙනස්ම පැතිකඩ සොයා යමු. සමාජයෙන් කොන් කරපු, හැමෝම වෛර කරපු මතෙව්ගේ ඇස් දෙක දිහා කෙළින් බලා කතා කළ පළමු කෙනා කවුද? The Chosen කතා මාලාවේ 7 වන කථාංගය ඇසුරින් මතෙව්ගේ ජීවිතය, ඔහුගේ මානසික පසුබිම සහ ජේසුස් වහන්සේගේ ආදරණීය කැඳවීම ගැන ගැඹුරු විවරණයක්. රෝමවරුන්ට බදු එකතු කරමින් තමන්ගේම සුවපහසු කලාපය (Comfort Zone) තුළ හුදෙකලා වූ මතෙව්ව, ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයෙකු ලෙස තෝරාගත්තේ ඇයි? "Get used to different" — වෙනසට හුරුවෙන්න! මේ අපූරු කතාව ඔබේ ජීවිතයටත් නව බලාපොරොත්තුවක් සහ පණිවිඩයක් ගෙන එනු ඇත. “වෙනස්” යැයි සමාජය දකින මිනිසෙකු තුළින්, ජේසුස් වහන්සේ දුටුවේ කවුරුන්වද? ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, අපිත් අපේ ජීවිතය දෙස එබී බලමු. සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම් 🔔 මෙවැනි ආධ්‍යාත්මික සහ ජීවිතයට වටිනා අන්තර්ගතයන් නැරඹීමට Walk With GOD චැනලය Subscribe කර සීනු ලකුණ (Bell Icon) ඔබන්න. The Chosen නරඹන්න : https://watch.thechosen.tv/⁠ 00:00 - හැඳින්වීම (Introduction) 01:52 - මතෙව්ගේ චරිතය හා පසුබිම 04:00 - සමාජයෙන් වෛරයට ලක්වූ බදු අයකරන්නා 06:10 - මතෙව්ගේ චරිත ස්වභාවය සහ ඔටිසම් (Autism) ලක්ෂණ 09:12 - ගණිතමය හැකියාව සහ මතෙව් සුවිශේෂයේ පිළිවෙළ 11:22 - පවුලෙන් හා සමාජයෙන් ප්‍රතික්ෂේප වීම 14:00 - සුවපහසු කලාපය (Matthew’s Comfort Zone) 15:42 - තර්කයෙන් ඔබ්බට ගිය ආශ්චර්යය (Miraculous Catch) 18:30 - ජේසුස් වහන්සේගේ ඇමතුම (Scene from The Chosen) 21:28 - මතෙව්ගේ කැඳවීම හා ඇස් දෙක දෙස බැලූ මොහොත 23:10 - "Get Used to Different" (වෙනසට හුරුවෙන්න) 24:08 - අපේ ජීවිතයට ආදර්ශය සහ පණිවිඩය 25:35 - අවසානය #Matthew #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #TheChosenSeries #BingeJesus