Перейти к содержимому

Nomara Yak | Department of Kandyan Dance | Final Year Creative Production 2025 | UVPA

Department Of Kandyan Dance

0:00 / 0:00

Nomara Yak | Department of Kandyan Dance | Final Year Creative Production 2025 | UVPA

895 просмотров · 1 дн. назад
Department Of Kandyan Dance
615 подписчиков
895 просмотров · 1 дн. назад
1. පෙර ආත්මය සිංහබාහු රජුගේ සමයේ වෙල්ලුරම්පුරයේ බ්‍රාහ්මණයන් දහසක් රජුගේ සහ රටේ සෞභාග්‍යය වෙනුවෙන් යාගයක් පැවැත්වූහ. එයින් සතුටට පත් රජු පුරෝහිත බ්‍රාහ්මණයාට වටිනා නිල් මාණික්‍යයක් තෑගි කළේය. පුරෝහිතයා එම මාණික්‍යයට දැඩි ලෙස ඇලුම් කළ අතර, එහි බලයෙන් විශාල ධනයක් හා සම්පත් ලබා ගත්තේය. පසුව ඔහුගේ බිරිඳ එම මාණික්‍යයට වන්දනා කිරීමට ගිය අවස්ථාවේ සක්‍ර දෙවියන් එය දිව්‍යලෝකයට ගෙන ගියේය. මාණික්‍යය අහිමි වීමෙන් කෝපයට පත් පුරෝහිතයා තම බිරිඳට ශාප කළේය. එම බිරිඳ මරණින් පසු ලංකාවේ ධම්මා රජුගේ සහ චන්ද්‍රවතී බිසවගේ දියණිය ලෙස කුවේණිය නමින් නැවත උපත ලැබුවාය. 2. විජය කුමරු හමුවීමට පෙර කුවේණිය කුවේණිය උපත ලැබීමෙන් පසු අහසේ දිදුලූ සිකුරු තරුව ඇගේ අනාගත ජීවිතයට අසුබ පෙරනිමිත්තක් ලෙස දැක්වෙයි. ඇය තරුණියක බවට පත්වන විට තම පවුලේම පිරිස විසින් පිටුවහල් කරනු ලැබුවාය. පසුව ඇය සිය පවුල සමඟ නීලගිරි ප්‍රදේශයට පැමිණි අතර, එහි යක්ෂ ගෝත්‍රික නායකයකු වූ තම මාමාගේ ආරක්ෂාව යටතේ ජීවත් වූවාය. ඔහුගේ මරණයෙන් පසු නීලගිරි ප්‍රදේශයේ පාලන බලය කුවේණියට හිමි වූ අතර ඇය එම ප්‍රදේශය පාලනය කළාය. 3. විජය කුමරුගේ විජයාගමනය බුද්ධ පරිනිර්වාණ සමයේදී ඉන්දියාවේ ලාට දේශයේ විජය කුමරු ජීවත් විය. ඔහු සහ ඔහුගේ පිරිසගේ අසංවර හැසිරීම් හේතුවෙන් රාජ්‍යයේ ගැටලු ඇති වූ බැවින්, දෙමාපියන්ගේ තීරණය අනුව විජය කුමරු ඇතුළු හත්සියයක් පිරිසක් නැව්වල නංවා මුහුදට පිටුවහල් කරන ලදී. ඔවුහු පසුව ලංකාවට පැමිණ තම්බපණ්ණි හෙවත් තම්මැන්නා ප්‍රදේශයට ගොඩබැස්සහ. 4. විජය කුමරු ගොඩබැසීම හා කුවේණිය හමුවීම විජය කුමරු ඇතුළු හත්සියයක් පිරිස ලංකාවට පැමිණීමත් සමඟ ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් ඇති විය. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එම ප්‍රදේශයේ පාලිකාව වූ කුවේණිය බැල්ලියකගේ වෙස් ගෙන ඔවුන් අසලට පැමිණියාය. පසුව විජය කුමරුගේ පිරිස එකින් එක පැහැරගෙන නෙළුම් පත්‍රයක් යට සඟවා තැබුවාය. අවසානයේ විජය කුමරු දිය සොයා යන අතරතුර විලක් අසල කපු කටිමින් සිටි කුවේණිය හමුවිය. ඇය තම රූපශ්‍රීයෙන් හා කතාබහෙන් විජය කුමරුගේ සිත දිනා ගැනීමට සමත් වූවාය.