පාන් කිරිත්තා | Pan kiriththa | Rupavahini Sinhala Cartoon Song
Rupavahini Animation Studio
0:00 / 0:00
පාන් කිරිත්තා | Pan kiriththa | Rupavahini Sinhala Cartoon Song
29 136 476 просмотров · 7 лет назад
Rupavahini Animation Studio
792 тыс. подписчиков
29 136 476 просмотров · 7 лет назад
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
පද රචනය - ප්‍රේමකිර්ති ද අල්විස්
සංගිතය - වික්ටර් රත්නායක
පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑ දැත්තෙක්
කීචි බීචි කියතෙයි
පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවේ නැටුම පටන්ගත්තා
අහල පහළ කිසිවෙකුටත් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ
පාන් කිරිත්තා...
පාන් කිරිත්තා නැටුම නවත්වා කේන්තියෙන් අාවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සේ උෟ සට සට ගාලා මොන මොනවද කීවා
ළගට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා
අනුන් කරන දේ විවේචනය කර කර ඉන්වට වඩා
තමන් කරන දේ හරියට කරපන් කියලා කීය හඬා//
සජීවකරණය - ද්ව්මාන ත්‍රිමාන සජීවකරන මැදිරිය.
2017 - සියළුම හිමිකම් ජාතික රූපවාහිනිය සතුවේ.
Follow on:
Official website - http://www.rupavahini.lk
Official Facebook Page - https://www.rupavahini.lk/facebook
Official Twitter Page - https://www.rupavahini.lk/twitter
Official YouTube Channel - https://www.rupavahini.lk/youtube
Official Google + page - https://www.rupavahini.lk/gp