Перейти к содержимому

⁠AA0143- ආශ්වාදය දිහා බලන්න ගියොත් දුක වැටහෙන් නැතුව යනවා | සම්පූර් ණ අනත්ත විග්‍රහය 03 කොටස

Abhaya Arana

0:00 / 0:00

⁠AA0143- ආශ්වාදය දිහා බලන්න ගියොත් දුක වැටහෙන් නැතුව යනවා | සම්පූර් ණ අනත්ත විග්‍රහය 03 කොටස

2 210 просмотров · 1 год назад
Abhaya Arana
3,58 тыс. подписчиков
2 210 просмотров · 1 год назад
AA0143- ⁠ආශ්වාදය දිහා බලන්න ගියොත් දුක වැටහෙන් නැතුව යනවා | සම්පූර් ණ අනත්ත විග්‍රහය 03 කොටස    • ⁠AA0143- ආශ්වාදය දිහා බලන්න ගියොත් දුක වැට...   මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභ ලෙස බලන්න ඕනේ අනුපස්සනා වෙන්න. ⁠වේදනා චෛතසිකයේ තියන සැප,දුක්,උපේක්ෂා කියන කාරණා 3 බලල ගන්න එක වෙන එකක්. ⁠අනිච්ච සියල්ල, දුකයි කියල දකින ක්‍රමයක් තියනවා. ⁠ප්‍රඥාවෙන් නොදැක චේතනාවට මුල් තැන දීලා, වේදනා චෛතසිකයෙන් බලලා තමයි සැප ස්වභාවයක් තියනවා මුලා සහගත අදහසක් එන්නේ. ⁠ස්වභාවිකව දකින දුකේ කලකිරෙන්න බෞද්ධ වෙන්න ඕනෙ නෑ. ⁠ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇත්නම් ඒවා සැප වශයෙන් අරගන්න එක තමයි කාමයේ ස්වභාවය. ⁠සංකල්පිත රාගය හා කාමය. ⁠සුවයක් නැත්නම් ලෝක සත්වයෝ සසර සැරිසරන්නෑ. ⁠බලීස සූත්‍රය. ⁠ඡන්ද රාගය, ඉච්ඡාව, තණ්හාව - බිලී කොක්ක. ⁠මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ, ධම්ම - ඇම. ⁠කාමයෝ දුකයි කියන්නේ ප්‍රඥාවේ තීරණය. ⁠සැප - දුකක්, දුක - උලක් වාගේ දකින්න. ⁠බිලියෙන් මිදුනා නම් ජරා,මරණ,සෝක,පරිදේව, දුක්ඛ,දෝමනස්ස,උපායාස ගිණි නෑ. ⁠විග්‍රහ කරපු දුක් 3 ⁠තිස්සෝ දුක්ඛා - පිටකෝපදේසය. ⁠සියල්ල සංකතයි. ⁠සංකතයක ලක්ෂණ - උප්පාද, වය, අන්‍යතාව. ⁠උප්පාද - සංකාර දුක්ඛ, වය - විපරිණාම දුක්ඛ, අන්‍යතාව - දුක්ඛ දුක්ඛ. ⁠අන්‍යතා ලක්ෂණය ඇති වෙන කොට තමයි පෙළෙන්නේ. ⁠ආශ්වාදය දිහා බලන්න ගියොත් දුක වැටහෙන් නැතුව යනවා. ⁠සැප සිහිකරන්න ගියොත් අනුපස්සනා වෙන්නෑ කිව්වේ මොකද්ද? ⁠සැප, දුක්, උපේක්ෂා සියළු වේදනාවන් දුක් 3ක් ගෙන දෙන බව. ⁠සැපයි සැපයි කියන කොටස තමා භයානක කියලා දුක්කානුපස්සනාවේදි දකින්න ඕනේ. ⁠සෝතාපන්න ඵලයට පත් වෙන්න අත්‍යාවශ්‍යදෙය. ⁠ආත්ම/අනාත්ම කාගෙද? අත්ත/අනත්ත කාගෙද? ⁠බමුණො දැක්ක ආත්ම දෘෂ්ඨිය සත්කාය තුළට රිංගෙව්වොත්, අපි කොටු වෙනවා ආත්ම දෘෂ්ඨියට. ⁠මම කියල එක්කෙනෙක් ඉන්නවා කියන හැඟීම. ⁠භගවත්ගීතාවේ ආත්ම සංකල්පය පෙන්වා ඇති හැටි. ⁠මත 6ක් සකස් කරගෙන, දෘෂ්ඨිගතවීම් 6ක ඉන්නවා බමුණෝ. ⁠සත්කායදෘෂ්ඨිය/දෘෂ්ඨිගහනං/දෘෂ්ඨිකාන්තාරෝ/දෘෂ්ඨිගතං/දෘෂ්ඨිවිප්පණ්ඩිතං ⁠අතීතය මුල් කරගෙන සැක 5ක්, වර්තමානය මුල් කරගෙන සැක 6ක් මතුවෙනවා. ⁠”මම” කියල ගත්තෙ මොකද්ද කියල හොඳට තෝරගන්න ඕනේ. ⁠නිච්චෝ, දුවෝ, සස්සතෝ, අවිපරිණාමධම්මෝ කියන “මම” ගැන හොයනවා. ⁠ආත්මයක් තියනවා කියන දෘෂ්ඨියට ගත්තට පස්සේ මතුවෙන සැක ටික. ⁠දෘෂ්ඨිය අයින් නොකර රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධ කෑලි 5හේ “මම” හොයනවා. ⁠ස්කන්ධ 5 මුල් කරගෙන දෘෂ්ඨි 20ක් ගන්න හැටි - වීස දිවිද සත්කායදෘෂ්ඨිය. ⁠බුද්ධාදී අටතැන් ගැන සැකය එන්නේ බමුණන්ට. ⁠සත්කායදෘෂ්ඨිය යම් තැනකද? විචිකිච්ඡා එතන ⁠සත්කායදෘෂ්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස වලින් ගහන වෙලා අන්‍ය ශාස්තෘවරු පසුපස මුලා සහගතව අනන්ත සංසාරයක් ලෝකසත්වයා යන ගමන. ⁠බුදුකෙනෙක් ලොව පහළ වෙලා “මම” ගැන විග්‍රහ කරනකන් බෑ සත්කායදෘෂ්ඨිය දුරුකර ගන්න. ⁠”මම” කියන කෙනා විග්‍රහ කරගන්න බුදුපියාණන් වහන්සේ දුන්න විභජ්ජවාදී ක්‍රමය. ⁠කෑලි ටික එකතු කරලා කර්ම ඵලයෙන් හටගත්ත ප්‍රාණ ශක්තිය දුන්නාම මේ කෑලි ටික පණ ඇතුව ක්‍රියාත්මක වුනා. ⁠ස්කන්ධ 5 එකතු වුනාම එතනට “මම” කියල කිව්වා. ⁠හේතු-ඵල පරම්පරාවක් වශයෙන් අවිද්‍යා,සංකාර,තණ්හා, උපාදාන,භව කියන අතීතයේ හේතු 5ක් හදපුවහම ඒ කය අවසානයේදී මතු පටිසන්ධියකට විඤ්ඤාණය පහළ වෙලා විඤ්ඤාණ,නාමරූප, සලායතන,ස්පර්ෂ,වේදනා කියල ඵල 5ක් හටගන්නවා. ⁠ඵල 5 ආරම්භ වෙනකොට උපතක් පේනවා. වෙනස් වීම පේනවා. වැනසීම පේනවා. ඔය අතරතුර කාලයට නමක් තියනවා ”මම” කියලා. ⁠හේතු-ඵල ක්‍රියාවලියක මොකද්ද අල්ලගන්න තියෙන්නේ? ⁠පය ගහපු අත්ත - ඇස, කන,නාසය,දිව,කය,මන. ⁠අල්ලපු අත්ත - රූප,ශබ්ද,ගන්ධ,රස, ස්පර්ෂ,ධම්ම. ⁠අන්තිමට අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ, අනත්තයි. ⁠සත්ව - ඇලුම් කළා. / කාය - සමූහ, ගොඩවල්. ⁠රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඤ්ඤාණ කාය කියන කාය 5ක සම්පිණ්ඩනයක් මේ තියෙන්නේ. ⁠ස්කන්ධ ගොඩවල් වලට ඡන්ද රාගයෙන් බැඳුනාම - සත්ව. ⁠සත්කාය පිළිබඳව බමුණන්ගේ මුලා දෘෂ්ඨිය දාගත්තොත් - සත්කායදෘෂ්ඨිය. ⁠විචිකිච්ඡා ඔක්කොම දුරු වෙන තැන. ⁠ධර්මය දැක්ක දවසට අන්‍ය ශාස්තෘ සරණ සදහටම ඉවරයි. ලෝකයේ සැපයි කියන යමක් ඇත්ද, දුක් ගොඩක් මිස සැපක් නෙමේ කියල ප්‍රඥාවෙන් දකින කොට “දුක්ඛ ආර්ය සත්‍ය” දකිනවා. ⁠ඡන්ද රාගයෙන් බැඳෙන්න ගියාමයි දුක හටගන්නේ කියල දැකලා, ඡන්ද රාගය නිරෝධ කරන්න පංචස්කන්ධයේ ආදීනවයි වෙන්වීමේ ආනිසංසයි ප්‍රඥාවෙන් මෙනෙහි කරද්දි සම්මා දිට්ඨිය පහළ වෙනවා. ⁠සම්මා දිට්ඨිය පහළ වුනා කියන්නේ ⁠අනත්තානුපස්සනාව. ⁠අසහනයක් දැනෙනවා නම්, ඒකෙන් මිදෙන්න බලාගෙන සත්වයා සැරිසරනවා. ⁠පෙළෙන නිසා ප්‍රතිකර්ම කර කර සැනසුමක් හොයාගෙන යනවා. ⁠ශ්‍රද්ධාව, වීර්යය, ප්‍රඥාව අධික පුද්ගලයන් ලෝකය අත්හරින හැටි. ⁠අල්ලගන්න කිසිම දෙයක් නැති වූ නිසා අනත්ත වූ හැටි. ⁠අත්හැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර තවත් ලෝකෙ කරන්න දෙයක් නෑ කියල දකින තැන - සෝපදිසේස නිවන. ⁠ස්කන්ධ පරිනිර්වාණය හෙවත් අනුපදිසේස නිවන. ⁠හංග දහයෙන් සමන්නාගත වෙන හැටි. ⁠සුතමය ප්‍රඥාව - චින්තාමය ප්‍රඥාව - භාවනාමය ප්‍රඥාව. ⁠කම්මස්සකත සම්මාදිට්ඨියෙන් ධ්‍යාන සම්මාදිට්ඨියෙන් ඥාණ සම්මාදිට්ඨියෙන් මාර්ග සම්මාදිට්ඨිය පූර්ණ වී ඵල සම්මාදිට්ඨිය ලබන හැටි. ..................................................................... අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන සිදුකෙරෙන සදහම් සත්කාරයකි Telephone :- +1 662 402 5998 Whatsapp :- Web :- https://www.ariyachinthashramausa.org