අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana
Ada Derana
0:00 / 0:00
අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana
108 991 просмотр · 1 дн. назад
Ada Derana
3,96 млн подписчиков
108 991 просмотр · 1 дн. назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
හුංගම ප්රදේශයේදී "කජ්ජා" නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්යවශ්යව සිටි ප්රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.
මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ "කජ්ජා" නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අත්තේ, ඝාතනයට ලක්වන අවස්ථාව වන විට "කජ්ජා" වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews