Перейти к содержимому

How To Make Motor Speed Control Circuit 220V|Very Useful Tool|Angle Grinder Speed Control Circuit

රියෝ Tech

0:00 / 0:00

How To Make Motor Speed Control Circuit 220V|Very Useful Tool|Angle Grinder Speed Control Circuit

1 745 просмотров · 2 г. назад
රියෝ Tech
30,6 тыс. подписчиков
1 745 просмотров · 2 г. назад
කොහොමද මගෙ ආදරණීය යාළුවනේ.ඔන්න ඉතින් හැමදාම වගේ මම අදත් ඔයාල වෙනුවෙන් තවත් එක වටින වීඩියෝ එකක් අරන් ආවා. අද මම මේ කියල දෙන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාල මගෙන් ඉල්ලල තිබුණ ග්‍රයින්ඩර් එකකට,ඒ වගේම ඩ්‍රිල් එකකට වගේම තව ඔයාල කැමති විදියේ ඕනම මෝටර් එකකට වගේම ලොකු වොට් ප්‍රමාණයක් තියන බල්බ් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඩිමර් එකක්,එහෙමත් නැත්තම් වෝල්ටේජ් කන්ට්‍රෝලර් එකක් හදාගන්න විදිය. ඉතින් මෙතනදි මම පාවිච්චි කරන උපකරණ වලින් වොට් 1600W වගෙ වෙනකන් සපෝර්ට් කරන විදුළි උපකරණ පාළනය කරන්න පුළුවන් හැකියාව මේ කන්ට්‍රෝලර් එකේ තියනව.අනිවාර්යයෙන්ම කියන්න ඕන කාරණාව තමා,මෙතනදි ඔයාල, මම පාවිච්චි කරපු 250K විචල්‍ය ප්‍රතිරෝධකය වෙනුවට 500K වගේ අගයක් තියන වොලියුම් කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරන්න.ඒ වගෙම 10K 5W ප්‍රතිරෝධකය වෙනුවට 33K 5W වගෙ ප්‍රතිරෝධකයක් පාවිච්චි කරන්න.මට මෙතනදි වැරදුන තැන් දෙක ඒක.අනිවාර්යයෙන්ම ඕක හදනකොට ඔයාල හුගක් පරෙස්සම් වෙන්න ඕන.මොකද් ඔතනදි අපි වැඩ කරන්නෙ ප්‍රධාන විදුළිය්,ඒ කියන්නෙ 220V විදුළියත් එක්ක.හුගක් පරෙස්සම් වෙන්න අනිවාර්යයෙන්ම .ඒ වගේම ඔයාල මේක හදල ඉවර උනාම පොඩි ප්ලාස්ටික් පෙට්ටියකට වගෙ දාලා පාවිච්චි කරන්න.ඒක වඩාත් ආරක්ශාවට හොදයි. ඉතින් වීඩියෝ එකේ මම දාල තියනව ඩයග්‍රම් එක.ඔයාලට මේක ගැන දැනගන්න තියන ඕන දෙයක් මගෙන් අහන්න.අනිවාර්යයෙන්ම.එහෙනම් මගෙ ආදරණීය යාළුවො හැමෝටම ජයවේවා. .❤❤🙏🙏