Перейти к содержимому

සතෝ සූත්‍රය - පළමු දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි

Sarathi

0:00 / 0:00

සතෝ සූත්‍රය - පළමු දේශනය - පූජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි

543 просмотра · 3 дня назад
Sarathi
5,56 тыс. подписчиков
543 просмотра · 3 дня назад
https://tipitaka.lk/sn-5-3-4-5 #sathosutta #panadurechandarathanathero සතෝ සූත්‍රය - මෙම සූත්‍රය දේශනාවන් තුනකින් සමන්විතය. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි 🌻මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්‍ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.🙏🙏🙏 🌼දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු🙏🙏🙏