උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව - Upadanaskandha Anithya Bhawana
Mahamevnawa
0:00 / 0:00
උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව - Upadanaskandha Anithya Bhawana
11 384 просмотра · 3 мес. назад
Mahamevnawa
217 тыс. подписчиков
11 384 просмотра · 3 мес. назад
දැන් අපි සූදානම් වෙන්නේ ස්කන්ධ අනිත්‍ය භාවනාව කිරීමටයි. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වැඩීම පිණිස අපට වදාළේ විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනාව තුළ ස්කන්ධ, ධාතු, ආයතන ගැන යථාභූත ඥානය ඇතිවෙන විදිහේ භාවනා වැඩපිළිවෙලක් තිබෙනවා. යම්කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය මනාකොට අවබෝධ කරගත හැකි නම්, ඒ කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍යය විස්තර වෙන්නේ පංච උපාදානස්කන්ධයත් සමගයි. ඉතින් මේ පංච උපාදානස්කන්ධය කුමක්ද කියලා තෝරා බේරාගෙන අවබෝධ කරගත හැකි නම්, අපට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවනි.
පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙනුත්, වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් වශයෙනුත්, දුක් වශයෙනුත්, අනාත්ම වශයෙනුත්, ඒ කියන්නේ තමාගේ වසඟයේ පවත්වන්න බැරි දෙයක් වශයෙනුත් අවබෝධ වීමෙන් කෙනෙකුට දුර්ලභ ප්‍රඥාව ලබාගන්න පුළුවන්කම තිබෙනවා.
ඉතින් මේ රූපස්කන්ධය හටගන්නේ සතර මහා ධාතූන් හටගැනීමෙන්. සතර මහා ධාතූන්ගේ අභාවයෙන් රූපය අභාවයට යනවා. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. සඤ්ඤාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සඤ්ඤාව නිරුද්ධ වෙනවා. සංස්කාර කියන්නේ මෙතන චේතනාවයි. ඒ චේතනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් චේතනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශය කියන්නේ ආයතනවල හටගන්න දෙයක්. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. කනයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශයයි. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශයයි. මනසයි, අරමුණයි, ඒ අරමුණු මනසින් දැනීම නම් වූ විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශයයි.
මේ ස්පර්ශය හේතු කොටගෙන විඳීම හටගන්නවා, සඤ්ඤාව හටගන්නවා, චේතනාව හටගන්නවා. විඤ්ඤාණය හටගන්නේ නාමරූප ප්‍රත්‍යයෙන්, නාමරූප හටගැනීමෙන්. නාමරූප නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙනකොට ඇහේ ස්පර්ශය ඇති වෙනකොටම එතකොට විඳීම හටගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේ විඤ්ඤාණය කලින්ම ඇතිවෙලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර ළඟට අවසානයට විඤ්ඤාණය දැම්මේ අර සියලු දේම මුල් කරගෙන විඤ්ඤාණය හටගන්න නිසා.
මේ සියල්ල අනිත්‍ය වශයෙන්, හේතුඵල ධර්මයට අයිති දෙයක් වශයෙන්, හේතු නැතිවී යාමෙන් නැතිවී යන දෙයක් වශයෙන් අවබෝධ කරගැනීමෙන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හට දුර්ලභ ප්‍රඥාව ලබාගන්න පුළුවනි. අන්න ඒ දුර්ලභ ප්‍රඥාව අප කවුරුත් ලබාගැනීමට වෙහෙස ගනිමු. ඉතින් මේ පංච උපාදානස්කන්ධය විස්තර වශයෙන් දැන් අප පවසද්දී, ඔබ මේ හොඳින් තේරුම් ගන්න මහන්සි ගත යුතුයි.
----------------------------------------------------------------------------------------------
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Download Audio 👉 / skandha-anithya-bhawana
🌐 Our Website 👉 https://mahamevnawa.lk/
🛜 WhatsApp channel 👉 https://whatsapp.com/channel/0029Va7y...
🔉 Audio Library 👉 / mahamevnawalk
📖 Tripitaka Translations Online 👉 https://tripitaka.online/
📚 Our Publications 👉 https://mahamegha.store/
#Mahamevnawa #KiribathgodaGnananandaThera #meditation #vipassana