නිවෙන දවසක් සසරෙ එනකල් එකම පැතුමක් පතන්නම්..( Original song )
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
0:00 / 0:00
නිවෙන දවසක් සසරෙ එනකල් එකම පැතුමක් පතන්නම්..( Original song )
5 689 просмотров · 9 дней назад
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
5 689 просмотров · 9 дней назад
නිවෙන දවසක් සසරෙ එනකල්
එකම පැතුමක් පතන්නම්...
සසර ගනුදෙනු ඉවර වෙනකල්
මග හැරෙන්නට අපේ ඇස්
පෙනි නොපෙනෙන සියුම් පිපුරුම්
ආදරෙ හිස් කරයිනම්...
අයිතියක් නැති මතක අරගෙන
සමුගන්න අවසරයි දැන්........
ආයෙ දවසක පුරුදු තැනදිම
එකම දවසක් හමු වෙමු...
අතින් අතහැර සිතින් තදකර
නොදන්නා සේ හිනැහෙමු..
එදා සුපුරුදු මෙදා නුපුරුදු
ආදරෙ අපි සගවමු...
අපට අමතක කරන්නට බැරි
මතක විතරක් රැකගමු...
අපට අමතක කරන්නට බැරි
මතක විතරක් රැකගමු...
අහිමි හිත් වල හුගක් ලස්සන
පෙම්කතා ලියැවෙනවලු..
ලස්සනම දේ දුරින් තියනෙක
ප්‍රේමයෙ හැටි එහෙමලු...
දුරගමන් මග හරිම වෙහෙසයි
ඉතිං දැන් අපි නවතිමු..
දරාගනිමින් බලා හිදුමම
තමයි ප්‍රේමයෙ සළකුණු
දරාගනිමින් බලා හිදුමම
තමයි ප්‍රේමයෙ සළකුණු..................
⚠️ Original Lyrics & Original Music
Unauthorized copying, re-uploading, or distribution is strictlyprohibied.
© Ayesha Amarasingha. All Rights Reserved.
#srilanka #music #originalsong #songs #original #viral #song #sinhala #srilankanews