Перейти к содержимому

Ape Miss - පැහැපත්, ලස්සන, වයස නොයන සමක් හැමදාමත් තියාගන්න | Shyamalee Pathirage

Ape Miss - අපේ මිස්

0:00 / 0:00

Ape Miss - පැහැපත්, ලස්සන, වයස නොයන සමක් හැමදාමත් තියාගන්න | Shyamalee Pathirage

267 889 просмотров · 5 лет назад
Ape Miss - අපේ මිස්
730 тыс. подписчиков
267 889 просмотров · 5 лет назад
තරුණ පෙනුම හා ලස්සන කියන එකට ප්‍රධාන වශයෙන්ම වශයෙන්ම බලපාන ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. පැහැපත් ලස්සන නිරෝගී තරුණ සමක් හැමදාම තියාගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්. ඉතින් මේ ලස්සන වීම සහ සම පැහැය රැක ගැනීමට කාන්තාවන්ගේ ඇති කැමැත්ත හඳුනාගන්නා වෙළෙඳ ව්‍යාපාරිකයන් මේ සඳහා වන විවිධාකාර ආලේපන ,ඖෂධ,රූ සුරැකුම් සත්කාරක ක්‍රමවේද බොහෝමයක් වෙළඳපල ආක්‍රමණය කර තිබෙනවා.මේවා සමහර විට සමහරවිට සමටත් සිරුරටත් අහිතකර වෙන්න පුළුවන්. සමහර ඒව කිසිදු ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්.මේ නිසා සැබැවින්ම සම පැහැපත් කරන ආකාරය සම තරුණ ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව වෛද්‍යමය දැනුමක් ලබා ඒ පිළිබඳව සැලකිලිමත් වී සමට අවශ්‍ය නිසි ප්‍රතිකාර සහ නිසි සත්කාර කිරීම තම තමාගේම වගකීමක් . සම ලස්සන වෙන්න අවපැහැ වෙන්න වගේම වයසක පෙනුම එන්නත් සාධක බොහෝමයක් බලපානවා.සම ලස්සනට තියාගන්න නම් මෙන්න මේ සාධක මුලින්ම හඳුන ගන්න ඕනේ. ඒ වගේම සම නීරෝගීව පැහැපත්ව තරුණම තියාගන්න අවශ්‍ය සාධක අඳුනගන්න ඕන. ලස්සන තරුණ පැහැපත් සමක් පවත්වා ගැනීම වෙනුවෙන් ඔබ දැනුවත් විය යුතු සියලු කරුණු අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එනවා. සම සුරකින ස්වාභාවික සත්කාර සමහරක් පහත දැක්වේ. 1) අමු අර්තාපල් නැවුම් පිරිසිදු අර්තාපල් අලයක් ගන්න. සෝදාගත් අර්තාපල් අලය දෙකට මැදින් කපන්න. කැපු පෙති දෙකට වතුර ස්වල්පයක් ඉසින්න. ඔබේ සමේ අවපහගන්වී ඇති ස්ථාන වල හොඳින් අතුල්ලන්න. විනාඩි 10කට පසු මද උණු ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට තුන් වරක් හෝ සිව් වරක් බැගින් මාසයක් පමණ සිදු කරන්න. මේ ක්‍රමය සුදුසු ඇයි? අර්තාපල් කියන්නේ අවපැහැගැන්වීම්, සමේ කළු ලප සහ කැළැල් වලට ඉතාමත් හොද ප්‍රතිකර්මයක්. ඒකට හේතුව වෙන්නේ සම පැහැපත් කරන සංඝටකයක් වෙන catecholase එන්සයිමය අර්තාපල් වල අඩංගු නිසා. 2) ලෙමන් හෝ දෙහි ඔබට අවශ්‍ය දේ : දෙහි ගෙඩියක් මී පැණි තේ හැඳි දෙකක් කලයුතු දේ : දෙහි යුෂ භාජනයකට එකතු කරගන්න. එයට මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය සම මතුපිට හොඳින් ආලේප කර විනාඩි 15ක් තියන්න. සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න. මෙය දිනකට දෙවතාවක් බැගින් ප්‍රතිපල ලැබෙන තුරු කරන්න. මේ ක්‍රමය සුදුසු ඇයි? ලෙමන් සතුව ස්වභාවික Lemon has natural විරංජන සංඝටක අඩංගු අතර මී පැණි වලින් සමේ තෙතමනය ආරක්ෂාකරයි. මේ සියල්ලම එකතුවෙලා සමේ අවාපැහැගැන්වීම අවම කරන්න උදව් කරනවා. මෙයට අමතරව සම uv කිරණ වලින් ආරක්ශාකරන සහ කළු ලප අඩුකරන ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් වෙන විටමින් c දෙහි වල යහමින් තිබෙනවා. #apemiss #shyamaleepathirage #midwifesrilanka ---------------------------------------------------------------------------------------------------------- 🛑අපේ මිස් YouTube Link:    / apemiss   🛑අපේ මිස් Facebook Link:   / apemiss   🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid... 🛑අපේ මිස් Twitter Link:   / apemissofficial   🛑අපේ මිස් Linkedin:   / ape-miss-4833b3204   🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168