Перейти к содержимому

ඔයා​ගේ දෙමාපියනුත් Toxic ද? | Toxic Parents in Sri Lanka

Prashna Thiyenne Ahanna

0:00 / 0:00

ඔයා​ගේ දෙමාපියනුත් Toxic ද? | Toxic Parents in Sri Lanka

26 952 просмотра · 2 месяца назад
Prashna Thiyenne Ahanna
45,3 тыс. подписчиков
26 952 просмотра · 2 месяца назад
මේ ලෝකයේ එක එක ජාතියේ දෙමාපියෝ ඉන්නවා. සමහර දෙමාපියෝ ඉන්නවා, ඒ අය ඇත්තටම දේවදූතයෝ වගෙයි. තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා, දරුවන්ට පණ වගේ ආදරය කරනවා, හැම ප්‍රශ්නයකදීම දරුවෝ ළඟින්ම ඉන්නවා. හැබැයි ඒ අය අතරේ, තමන්​ගේ දරුවාවට වද දීලා, තලලා පොඩි කර​න, අමන, සක්කි​ලි දෙමාපියනු​ත් අපේ සමාජයේ ඉන්නවා. මනෝවිද්‍යාවේදී මේ වගේ ලමයින්ට සාපයක් වු​න දෙමාපියන්ව හඳුන්වන්නේ "Toxic Parents" නැත්නම් "විසකු​රු දෙමාපියන්" කියලා. අද අපි මේ විඩියෝ එකෙන් කතා කරන්නේ, එන්න ඒ ව​ගේ ටොක්සික් දෙමාපියන් හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ 5ක් ගැන. මම මේ විඩියෝ එකට හුගක් තොරතුරු ගත්තේ Dr. Lindsay C. Gibson) Adult Children of Emotionally Immature Parents කියන පොතෙන්. මේ වීඩියෝ එක බලද්දි, ඔයා​ගේ දෙමව්පියෙක් මතක් වුණොත්, ඒ අය එක්​ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනත් ප්‍රායෝගික පියවර කිහිපයක් මම වීඩියෝ එක අවසානයේදි කියන්නම්. හරි ප්‍රශ්න තියෙන්නෙ අහන්න, දැනුම තියෙන්නෙ හොයන්න කියන එක මතක් කරන ගමන්, විසකුරු දෙමව්පියන්ගේ ගතිගුන 05ක් ගැන දැන් අපි කතා කරමු. Some parents are truly like angels. T hey dedicate their entire lives to their children, love them more than life itself, and stand right by their side through every single problem. But then, there are others. Our society also has foolish, wretched parents who abuse, mistreat, and crush their own children. In psychology, these parents who become a curse to their children are called "Toxic Parents". In today’s video, we are going to talk about 5 key signs you can use to identify these toxic parents. I gathered most of the information for this video from the book "Adult Children of Emotionally Immature Parents" by Dr. Lindsay C. Gibson. If a parent of yours comes to mind while watching this video, don't worry, at the very end, I will share a few practical steps on how to deal with them. ------------------------- Time stamps 0:00 - ආරම්භ​ය 0:47 - කොන්දේසි වැඩියි 1:48 - ආත්ම අභිමානයට තර්ජනයක් 3:19 - බ්ලැක්මේල් සෙල්ලම් 5:13 - වහල්ලු කියලා හිතන්නෙ 6:29 - වගකීමක් ගන්නෙම නැහැ 7:21 - අපි නැගිටිමු :) තව ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕනෙනම්: • TikTok - / PrashnaThiyenneAhanna🎵 • Facebook - / PrashnaThiyenneAhanna 📘 • Instagram - / PrashnaThiyenneAhanna 📸 What is prashna thiyenne ahanna? With Prashna Thiyenne Ahanna, we aim to answer everyday problems in Sinhala with clear, research-backed videos for people in Sri Lanka. If you enjoy our content, please like, comment, and subscribe. Your support means the world to us ❤️ ප්‍රශ්ණ අහන, ප්‍රශ්ණ වලට උත්තර දෙන, ප්‍රශ්ණ අහන්න දිරිමත් කරන තැනක් මේ ප්‍රශ්න තියෙන්නෙ අහන්න කියන්නේ. අපේ ඉලක්කය තමා අපි හැමෝටම ප්‍රශ්ණයක් වුණ මාතෘකා ගැන පොඩි research එකක් කරලා ඉතා සරළව සහ කෙටියෙන් ඒ ප්‍රශ්ණ වලට උත්තර video තුළින් ඔයාලට ලබා දෙන එක. ප්‍රශ්න වලින් මිදෙන්න දගලන ලොකෙක අපි ප්‍රශ්න පස්සේ එලවනවා ලොක‍යෙන් පොඩ්ඩක් හරි ප්‍රශ්ණ ටිකක් අඩු කරන්න. ඔයා අපි කරන දේට කැමතිනම් ලයික්, කමන්ට් සහ සබ් කරන්න අමතක කරන්න එපා. එක අපිට ලොකු හයියක් ❤️ මේ අංක ඔයා ළඟ තියාගන්න, පුළුවන් නම් තව කෙනෙක් එක්ක බෙදාගන්න. මොකද අපි නොදන්නවා වුණාට අපේම කෙනෙක් මේ වෙලාවේ උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ❤️ #sinhala #srilanka #curiosity #didyouknow #psychology #facts #toxicparents #toxicfamily #toxicparenting #toxicparentingsinhala #toxicparentssinhala #signsoftoxicparents