Uththama Muni Dalada-Dharmadasa Walpola උත්තම මුණි දළදා - ධර්මදාස වල්පොල
Dr. Ajantha Ranasinghe Official
0:00 / 0:00
Uththama Muni Dalada-Dharmadasa Walpola උත්තම මුණි දළදා - ධර්මදාස වල්පොල
7 013 просмотров · 6 лет назад
Dr. Ajantha Ranasinghe Official
18,4 тыс. подписчиков
7 013 просмотров · 6 лет назад
[උත්තම මුණි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ]//
[උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්]//
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුණි දළදා වඩම්මන
සත් සමුදුරු ගැඹරේ
[තඹ වන් වැල්ලට මල් වැසි වස්සන
නිසි කල රන් ගොයමේ කිරි වද්දන]//
උත්තම මුණි දළඳා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ
උත්තම මුණි දළදා.....
[සත් සිය වරුසක් අනුරපුරේයා
ලක්බිම පිං කෙත කිරි උතුරායා]//
උත්තම මුණි දළඳා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ
උත්තම මුණි දළදා.....
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගායනය - ධර්මදාස වල්පොල
අජන්තා ගීතාවලී