Dr. Nanda Malini Tribute (ආචාර්ය නන්දා මාලිනී අමරණීය ගී මතක) | Legendary Sinhala Songs Collection
Dr. Rohana Weerasinghe Official
0:00 / 0:00
Dr. Nanda Malini Tribute (ආචාර්ය නන්දා මාලිනී අමරණීය ගී මතක) | Legendary Sinhala Songs Collection
196 022 просмотра · 1 месяц назад
Dr. Rohana Weerasinghe Official
564 тыс. подписчиков
196 022 просмотра · 1 месяц назад
මා මුලින්ම ආදරණීය නන්දා අක්කාගේ රසිකයෙකු වූයේ මට වයස අවුරුදු 10 ක් පමණ වෙද්දීය. ඒකාලයේ මා නොයෙක් විට ඇයගේ 'බුදු සාදූ' ගීතය ගැයූ බව අදත් මගේ මතකයේ ඇත. 1962 දී ඇය 'රන් මුතු දූව' චිත්‍රපටයේ 'ගලන ගඟකි ජීවිතේ' ගයද්දී මට වයස 13 කි. එතැන් සිට මගේ හදබැඳි ප්‍රියතම ගායිකාව නන්දා මාලිනිය වූවාය . එතෙක් හින්දි ගීත, හින්දි ගායක ගායිකාවන්, හා හින්දි කොපි ගීත ගැයූවන්ට පෙම්බැඳ සිටි මට නන්දා හා නාරද ගායන යුවලගේ ගීත ගෙනදුන්නේ අලුත්ම මිහිරකි.
කාලය වේගයෙන් පියඹා ගියේය. සංගීත විද්‍යාලයේ මා ශිල්ප හදාරද්දී 1975 දී නන්දා මාලිනී ශිල්පිණිය සජීවීව හමුවී කතාකරන්නට අවස්ථාවක් ලැබුනේ අහම්බෙනි. ඒ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ පටිගතකිරීමක අත්වැල් ගායනයකට එක්වීමෙනි.ඉන් පසු කාලයේ මා ගුවන්විදුලි ගී තනු ගණනාවක් නිර්මාණය කරමින් තරමක රසික ආකර්ශනයක් දිනා සිටි අතර අප අතර දැනහැඳුනුම පුලුල් වත්ම 1979 දී මුල්ම වරට ඇය වෙනුවෙන් ගීත 4 ක් නිර්මාණය කර දීමේ උතුම් භාග්‍යය මට ලැබුනි. ඉන්පසු ගතවූ පසුගිය වසර දශක 3 1/2 ක කාලය පුරාවට අද වනවිට ඇය වෙනුවෙන් මා නිර්මාණය කර ඇති ගුවන්විදුලි, රූපවාහිනී, කැසට්, සී.ඩී, ටෙලිනාට්‍ය, හා සිනමා ගීත සංඛ්‍යාව 500 කට අධිකය.
මගේ නිර්මාණ ගයමින් ඇය මට දුන් ගෞරවය හා ආශ්වාදය මිළ කළ නොහැකිය. මා මියයන තුරා ඒ ගීතවල දෝංකාරය මා සනසනු ඇත. පිනවනු ඇත. සැබැවින්ම ඒ ජාතියේ යශෝරාවයයි.
ආදරණීය නන්දා අක්කේ ඔබට මේ මගේ ගීතනු නිර්මාණයන් පෙළ උපහාරයක්ම වේවා!
01. Mage Sanda Oba (මගේ සඳ ඔබ) | 00:00
Lyrics: Sunil Ariyaratne
02. Sulan Kapolle (සුළං කපොල්ලේ) | 02:57
Lyrics: Sunil Ariyaratne
03. Mage Deshaya (මගේ දේශය) | 06:33
Lyrics: Sunil Ariyaratne
04. Yamuna Ganthera (යමුනා ගංතෙර) | 09:42
Lyrics: Sunil Ariyaratne
05. Meghayak Se (මේඝයක් සේ) | 13:08
Lyrics: Sunil Ariyaratne
06. Jeewithe Kaviyak (ජීවිතේ කවියක්) | 16:41
Lyrics: Bandara Eheliyagoda
07. Nohim Ahasaka (නොහිම් අහසක) | 20:09
Lyrics: Bandula Nanayakkarawasam
08. Ruwal Iree Giya (රුවල් ඉරී ගිය) | 24:02
Lyrics: Sunil Ariyaratne
09. Koochi Kuchayiyo (කූචි කුචයියෝ) | 27:12
Lyrics: Sunil Ariyaratne
10. Yukthiya Wenuwen (යුක්තිය වෙනුවෙන්) | 31:13
Lyrics: Sunil Ariyaratne
11. Ipanalida Rangai (ඉපනැලිද රඟයි) | 36:09
Lyrics: Bandula Nanayakkarawasam
12. Ahasa Se Oba (අහස සේ ඔබ) | 38:47
Lyrics: Sunil Ariyaratne
13. Nopenena Denethata (නොපෙනෙන දෙනෙතට) | 43:06
Lyrics: Sunil Ariyaratne
14. Tharuda Nidana Maha Re (තරුද නිදන මහ රෑ) | 47:56
Lyrics: Sunil Ariyaratne
15. Rata Karawannata Nam (රට කරවන්නට නම්) | 51:34
Lyrics: Sunil Ariyaratne
16. Konda Kurullata (කොණ්ඩ කුරුල්ලට) | 54:49
Lyrics: Sunil Ariyaratne
17. Raththaran Duwe (රත්තරන් දුවේ) | 57:31
Lyrics: Carlo Fonseka
18. Mandanawa Karanawa (මන්ද නාව කාරණාව) | 1:00:41
Lyrics: Sunil Ariyaratne
19. Thun Hele Kala Thula (තුන් හෙළේ කැලෑ තුළ) | 1:04:18
Lyrics: Sunil Ariyaratne
20. Sonduru Dasun (සොඳුරු දසුන්) | 1:07:29
Lyrics: Sunil Ariyaratne
#SinhalaSongs #RohanaWeerasinghe #NandaMalini #AdaraneeyaRohana