Перейти к содержимому

MAGA BALA BALAA by Amith Walpola (First Version by Dharmadasa Walpola)

ADASSURIGEI NIMAL DAYARATHNE

0:00 / 0:00

MAGA BALA BALAA by Amith Walpola (First Version by Dharmadasa Walpola)

30 516 просмотров · 6 лет назад
ADASSURIGEI NIMAL DAYARATHNE
37,3 тыс. подписчиков
30 516 просмотров · 6 лет назад
෴෴෴ මඟ බල බලා ෴෴෴ මඟ බල බලා ඇතිය මගෙ සුදා සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසා සනසා අඳුරට පෙර යමි ලහි කරලා මග බල බලා …………….. (පිපි මල වගේ වුවන දිලිසෙනා ප්‍රේම සුගන්දේ දස අත විහිදා) // ඒ පෙම් කුසුමේ මධු රස උරනා බිඟු රජ ලෙස මම යමි පියඹා මඟ බල බලා …………….. (බැඳි සෙනෙහසේ ළදරු වයසෙදි වැඩුනි හදේ දින දින මෝරා) // ඒ සිරියාවී මාගෙ මනාලී දකිනට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා …………….. (මා ප්‍රේම රැජිනි මා දුටු විගසිනි ලැජ්ජාවෙ සැඟවී ඉඟි බිඟි පාවී) // නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ……………..// පද රචනය: බෙනඩික් ප්‍රනාන්දු සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: අමිත් වල්පොල චිත්‍රපටය : රම්‍යලතා (1956) මුල් ගීතයේ ගායනය ධර්මදාස වල්පොල විසිනි. එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.