මම මගේ බරයි බඩයි අඩු කරගන්නෙ කොහොමද? | Diet කරන එක stress ද? | නිදහස් ජීවිතය | 💛
Nethmi Chathurika
0:00 / 0:00
මම මගේ බරයි බඩයි අඩු කරගන්නෙ කොහොමද? | Diet කරන එක stress ද? | නිදහස් ජීවිතය | 💛
196 просмотров · 11 дн. назад
Nethmi Chathurika
105 подписчиков
196 просмотров · 11 дн. назад
කොහොමද ඔයාලට....
මම මේ දවස් වල මගෙ බඩ,බර දෙකම අඩු කරගන්න ගමන් ඉන්නේ.මමත් එක කාලයක් 70Kg ක් විතර බර වැඩි වෙලා මූන එහෙම ගොඩක් මහත් වෙලා කැත වෙලා හිටියා.මම ඒ කාලේ photo එකක්වත් බලන්න කැමති නෑ. මම අක්කගේ wedding එක වෙද්දිත් හිටියෙ ඒ වගේ කැතට.මම ඒ photos බලන හැමදාම පසුතැවෙනවා wedding එක වෙද්දි මම කෙට්ටු වෙන්න උත්සහයක්වත් ගත්තෙ නැත්තෙ ඇයි කියලා.ගොඩක්ම මට එතකොට ඒක ගැන තේරුමක් තිබ්බෙ නෑ.කොහොම හරි wedding එක එහෙම ඉවර උන කාලේම තමා මම කුරුණෑගල තනියම Board වෙලා Hotel school එකට ගියේ.ඒ කාලේ ගොඩක් මහන්සි උනා.තනියම හිටිය හින්දා
කම්මැලි කමටම වැඩිය කෑවෙ නෑ.ඒ හින්දා නිකන්ම ආයේ කෙට්ටු උනා ටිකක්.
ඊට පස්සෙ එක එක කාල වලදී ගොඩක් ජීවිතේ වෙනස් උනා.මෑතක් වෙද්දි මාව ආයේ මහතයි.කොහෙ හරි ගියත් එක්කෙනෙක් දෙන්නෙක් හරි මහත් වෙලා කියනවා.මම උස හින්දා මහත් උනහම ගොඩක් ලොකුයි.මට ඇත්තටම මහතයි කියලා අහන එක stress.ඒ හින්දා මමම ආයේ හිතා ගත්තා කොහොම හරි කෙට්ටු වෙනවා කියලා.මමත් කන්නැතුව ඉන්න try කරා.ඒත් ඇත්තටම මට ඒක practically කරන්න අමාරු උනා.පස්සෙ මමම තේරුම් ගත්තා නොකා නොබී කෙට්ටු වෙනවට වඩා healthy විදිහට කාලා workout කරලා ඉන්න ඕනේ කියලා.මම දැන් මාස 2,3ක් විතර ඉදන් මේ විදිහ කරගෙන ආවා.දැන් ඒක මම අමුතුවෙන් අමාරුවෙන් stress වෙලා කරන්න ඕන්නැති වෙලා තියෙනවා.
මේ විදිහ මට ගැලපෙනවා උනාට ඔයාට ගැලපෙන්නැති වෙන්න පුලුවන්.ඔයාට ගැලපෙන shedule එකක් අපි හදාගමු.නැත්තන් මගේ විදිහ try කරලා බලන්න.
#diet #workout #weightloss #healthylifestyle #healthyfood #simplelife