රෑට මෙසේ සිතන්න ලෙඩ රෝග වලට විසඳුමක් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 197
Banadeshana - බණ දේශනා
0:00 / 0:00
රෑට මෙසේ සිතන්න ලෙඩ රෝග වලට විසඳුමක් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 197
4 002 просмотра · 11 дней назад
Banadeshana - බණ දේශනා
29,6 тыс. подписчиков
4 002 просмотра · 11 дней назад
රාත්‍රියට මෙන්න මේ ටික කරන්න | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana
බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.
එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.
පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.
එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.
බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook / 16ftfo4bqu
Youtube / @banadeshana-බණදේශනා
භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #dharmadeshana #banadeshana