Sayura wetha yana - Sisira Senarathna & Indrani Senarathna - සයුර වෙත යන ගඟ පරිද්දෙන්
Kushan Kumara
0:00 / 0:00
Sayura wetha yana - Sisira Senarathna & Indrani Senarathna - සයුර වෙත යන ගඟ පරිද්දෙන්
9 748 просмотров · 4 г. назад
Kushan Kumara
1,45 тыс. подписчиков
9 748 просмотров · 4 г. назад
සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියලි ගොඩ බිම සැරි සරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසෙ සලකා
රිසි විටෙක එනු - මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුනත්
මගේ හදවත - ඉඩ තියේ
දෙපා ඔසවා මග ගෙවා ගෙන
එද්දි සියො ළඟ සලිතවේ
සිනා සෙනු මැන එවිට වෙහෙසද
සමග ලය සෝ දුක නිවේ
නුවන් දහසක් අතර මැදි වී
හස නගන්නට බිය වෙමී
පෙමින් තෙත් වුණු සුමුදු පියකරු
හදවතින් මම හිනැහෙමී
සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියලි ගොඩ බිම සැරි සරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
අයස යස හෝ ජය පරාජය
අතර වෙනසක් ඇති නොවේ
අහස ඔබෙ හිස, සඳය ඔබෙ වත
තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ
තිබේ පියකරු දසුන් අපමණ
අනන්තයටම මෙහි ඇතී
ඔබේ හදවත තරම් ලස්සන
හදවතක් මා දැක නැතී
සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියලි ගොඩ බිම සැරි සරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසෙ සලකා
රිසි විටෙක එනු - මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුනත්
මගේ හදවත - ඉඩ තියේ
ගායනය - සිසිර සේනාරත්න
ඉන්ද්‍රානි සේනාරත්න