Перейти к содержимому

හිටපු ජනපති මෛත්‍රී බලන්න ආඩම්බරෙන් ආපු 'පුලතිසි රාජා' | Ada Derana

Ada Derana

0:00 / 0:00

හිටපු ජනපති මෛත්‍රී බලන්න ආඩම්බරෙන් ආපු 'පුලතිසි රාජා' | Ada Derana

20 450 просмотров · 3 мес. назад
Ada Derana
3,96 млн подписчиков
20 450 просмотров · 3 мес. назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 'පුලතිසි රාජා' හස්තියා අද (1) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොලොන්නරුව නව නගරයේ පිහිටි නිවසට පැමිණියේය. මෙම ඇත් පැටවා මෙරටට ලැබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වර්ෂයේ ඉන්දියාවේ පැවැති බ්‍රික්ස් – බිම්ස්ටෙක් (BRICS-BIMSTEC) සමුළුවට සහභාගි වූ අවස්ථාවේදීය. එහිදී එවකට මියන්මාරයේ රාජ්‍ය උපදේශක මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අවුන්සාන් සූ කී මහත්මියගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ. ඊයේ (30) පැවැති පොලොන්නරුවේ ඓතිහාසික දළදා පෙරහැරේ සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීමේ භාග්‍යයද මෙම හස්තියා උදා කරගත්තේය. 'පුලතිසි රාජා' හස්තියා පොලොන්නරුව දළදා පෙරහැරට පැමිණෙන සෑම අවස්ථාවකම හිටපු ජනාධිපතිවරයා හමුවීමට ඔහුගේ නිවසට යාම සිරිතක් කරගෙන තිබේ. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews