ආදරෙන් උයන්න - කහ බතට ගලපගත්ත තලනබටු වෑංජනය
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - කහ බතට ගලපගත්ත තලනබටු වෑංජනය
34 602 просмотра · 2 г. назад
Cook with Love
104 тыс. подписчиков
34 602 просмотра · 2 г. назад
මේ සිකුරාදා හදපු කෑම වේල.. අසනීප නිසා කටහඩ ටිකක් වෙනස්, අද තමා බෙහෙත් අරන් ආවේ. මං මේ ව්‍යංජනය උයන්න ඕන වුන අමුද්‍රව්‍ය ටික එකින් එක පිලිවෙලට ලියන්නම්..
🔷කහ බතට,
▪️බාස්මති හාල් කෝප්ප 2 ක්
▪️හාල් මැනපු කෝප්පෙන්ම වතුර කෝප්ප තුනක්
▪️කරපිංචා කොල ටිකක්
▪️රම්පේ කෑලි දෙක තුනක්
▪️සුදුළූනු බික් දෙකක් ( වංගෙඩියේ දාලා කොටලා ගත්තේ)
▪️කුරුදුපොතු කෑලි 1 ක්
▪️කරාඹුනැටි 4 ක්
▪️කරදමුංගු 4 ක්
▪️ගම්මිරිස් ඇට 4 ක්
▪️බටර් මේසහැදි 2 ක්
▪️කපපු ලූනූ ටිකක්
▪️සූදුරූ තේහැදි කාලක්
▪️කහකුඩු තේහැදි භාගයක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
🔹තලනබටු වෑංජනය
▪️තලනබටු ග්‍රෑම් 250 ක්
▪️කරපිංචා / රම්පේ
▪️සුදුළූනු බික් 2 ක්
▪️අබ තේහැදි කාලක්
▪️සුදුරු තේහැදි තේහැදි කාලක්
▪️උළුහාල් තේහැදි කාලක්
▪️උම්බලකඩ ටිකක්
▪️කුරුදුපොතු කෑල්ලක්
▪️ලුණුකුඩු තේහැදි 1
▪️කහකුඩු තේහැදි කාලක්
▪️මිරිස්කුඩු තේහැදි 1 ක්
▪️අමුතුනපහ තේහැදි 1 ක්
▪️කෑලිමිරිස් තේහැදි 1 ක්
▪️තෙල් තේහැදි 2 ක්
▪️පොල්කිරි මිටිකිරෙන් කෝප්ප කාලක්
▪️ලූනු ගෙඩියකින් භායක් කපලා ගත්තා.
🔹පොලොස් වෑංජනය
▪️පොලොස් ග්‍රෑම් 600
▪️කරපිංචා / රම්පේ
▪️කපපු ලූනු
▪️කරදමුංගු 2 ක්, කරඹුනැටි 2, කුරුදුපොතු කෑල්ලක්, සුදුළූනු බික් දෙකක් ඉගුරු පෙති දෙකක් දාලා වංගෙඩියේ කොටලා ගත්තේ.
▪️මිරිස්කුඩු තේහැදි 2 කුයි, අමුතුනපහ කුඩු තේහැදි 1 කුයි කබලේ බැදලා ගත්තේ.
▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයයි
▪️බැදපු තුනපහ කුඩු තේහැදි 1
▪️ගොරකා පේස්ට් තේහැදි භාගයක් ( මට ඒක විඩියෝ එකේ කියන්නයි පෙනන්නයි බැරි වුනා, දියකිරි දැම්මාට පස්සෙයි ගොරකා එකතු කරේ)
▪️පොල් කිරි දියකිරෙන් කොප්ප 1 ක්
▪️පොල්කිරි මිරිකිරෙන් කොප්ප භාගයක්
▪️තෙල් තේහැදි 2 ක්
🔹අල කිරට උයන්න
▪️සුද්ද කරලා කෑලි කපපු අල ගෙඩි 4 ක්
▪️කරපිංචා / රම්පේ
▪️කපපු ලූනු
▪️සුදුළූනු බික් 1 ක්
▪️කහකුඩු තේහැදි කාලක්
▪️ලුණුකුඩු තේහැදි 1 ක්
▪️අමුතුනපහකුඩු තේහැදි භාගයක්
▪️උලුහාල් ටිකක්
▪️සුදුරු ටිකක්
▪️කුරුදුපොතු කෑල්ලක්
▪️වතුර කොප්ප 1
▪️මිටිකිරි කොප්ප 1
මං මේ ටිකක් කියලා සහදන් කරේ හැදි කාලට අඩු ප්‍රමාණයක් නිසා. ඇගිලි තුඩු වලින් දෙවතාවක් වගේ ඒ ඒ අමුද්‍රව්‍ය අරන් දැම්මාම ඇති.
මේ ලීවේ මං දාපු ප්‍රමාණයන්.
ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි, බලන් හිටියාටයි..
ලංකාවේ එලවලු අනිත් අමුද්‍රව්‍ය මං ගන්න කඩේ නම Savinco Spice..
මේ තියන්නේ කඩේ දුරකතන අංක ටික
08020617015
09077675859
0280336068
ආදරෙන්,
හෂී🌸