පොඩි දේටත් හිත කඩා වැටුනම මේ බණ ටික අහන්න 🙏🏻🪷/ walimada saddaseeela thero / bana asapuwa / බණ අසපුව
Bana Asapuwa බණ අසපුව
0:00 / 0:00
පොඩි දේටත් හිත කඩා වැටුනම මේ බණ ටික අහන්න 🙏🏻🪷/ walimada saddaseeela thero / bana asapuwa / බණ අසපුව
20 020 просмотров · 1 г. назад
Bana Asapuwa බණ අසපුව
40 тыс. подписчиков
20 020 просмотров · 1 г. назад
#bana_asapuwa #bana #බණ_අසපුව
බණ ඇසීමේ අනුසස්
කෙනකුට යහපත් කෙනකු වීමට ඇත්තා වූ උසස් ම හේතුව බුද්ධ ධර්මය ඇසීම ය. මනුෂ්යයෝ ධර්මයෙන් ඈත් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ කළ පමණට ගුණවත් වෙති. ශිල්පශාස්ත්ර කොතෙක් දැන සිටියත් කොතෙක් ධනය තිබුණත් නෑයන් මිතුරන් කොතෙක් සිටියත් ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මල සේ නො වටනා පුද්ගලයෙකි. විරූප වුවත් දිළිඳු වුවත් ශිල්ප ශාස්ත්ර නො දනිතත් ගුණවතා පූජ්ය පුද්ගලයෙකි. සැවැත්නුවර වීථිවල කසළ ඉවත් කරන්නකු වූ සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසණ තැනැත්තේ ක්රමයෙන් පව් නො කරන පින් කරන ගුණවතෙක් වේ. එය දහම් ඇසීමේ එක් අනුසසකි.
“පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ”
යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබෙන පව ප්රකාශිත ය.
“සද්ධම්ම දෙසනා කාලෙ - සාධු සාධූති භාසතො
මුඛතො නිබ්බන්ති ගන්ධො - උප්පලංව යථොදකෙ”
යනුවෙන් දහම් දෙසන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇති වන බව කථා වස්තුවත් සමඟ මනෝරථ පූරණි නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ.
චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්රකරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්යාදර ගෞරවයෙන් අසත්වා.
Copied