Перейти к содержимому

සෙනෙහෙ රැජිණිය අම්මා | Senehe Rajiniya Amma | Kavi Bana

Lunugalle Amitha Thero

0:00 / 0:00

සෙනෙහෙ රැජිණිය අම්මා | Senehe Rajiniya Amma | Kavi Bana

19 484 просмотра · 2 г. назад
Lunugalle Amitha Thero
3,52 тыс. подписчиков
19 484 просмотра · 2 г. назад
සිත නිවන කවි බණ | Sitha Niwana Kavi Bana ‪@LunugalleAmitha‬ සෙනෙහෙ රැජිණිය අම්මා | ලුණුගල්ලේ අමිත හිමි Senehe Rajiniya Amma|Lunugalle Amitha Thero මව් සෙනෙහස..... කරැණාවේ දයාවේ නිධානය බඳු වූ සමයක් සම්බුදු තතාගත අමා මෑණියන් වහන්සේ විසින් දේශිත වදාල දසදිසාවේ නැගෙනහිරින් පුදනු ලැබූ, දෙවෙනි බුදුවරයෙකුට සමාන කළ මානව සංහතිය තුල උතුම් මාතාවක් සිටියද, සිටීද, සිටීමට නියමිතද, තොටිල්ල පදවන අත ලොව රජකරවයි ලෙස තේමා පාඨයද සිහි කැදවමින් ඒ උතුම් අම්මාවරුන්ගේ අමිල ගුණ නාමයෙන් බිඳක් ලෙස නැගෙන මේ මධුර මනෝහර රාවය උපහාරයක් පිණිසම වේවා! දසමස කුස දරා දුකින් වෙහෙස වෙලා නිරන්තරෙන් ලේ කිරි කරලා පොවමින් මා ඇති කල අම්මා..../ නැගිටින්නට වැටී නොසිට අත දිගුකල ඇවිදින්නට කවා පොවා බඩගින්නට ඇති දැඩි කල අම්මා...// ලෙඩ උනාම ලඟින් හිඳන් නොකා නොබී කඳුලු හෙලන් රෑ පුරාම නැති නින්දෙන් දහ දුක් විඳි අම්මා....// ආදරයෙන් ලඟින් තියා හොඳ නොහොදය මෙයැයි කියා යහපත් ලෙස හැදෙනු නියා කියා දුන්නෙ අම්මා.....// ⁣යහපත් බස කියනු ලෙසට පොත පත ඇසුරේම ඉන්ට ගුණ යහපත් වටින වගට මග පෙන්නූ අම්මා....// අකුරු කරන්නට කියලා පාසල වෙත ඇරලවලා ගුරුවරුන්ට බාර කලා එහෙම කළේ අම්මා....// සමගිය සාමය වටිනවා හොර බොරු කිසිදා නොවෙනවා සැනසුම සැමදා ලැබෙනවා එහෙම කිව්වේ අම්මා.....// ලොකු කරන්න වෙහෙස වෙලා හොඳ පුරවැසියෙකු කරන්ට ලෝවැඩ ඇති ලෙස හැදෙන්ට සිහින මැව්වේ අම්මා....// අකුරු කෙරුව ගුරුවරුන්ට වැඩිහිටි ගෞරවය ඇතිව සිහිකර නැමදා නිරතුරු ඉන්න කිව්වේ අම්මා..// අසරණ දුගි මගී සැමට පිහිටක් වනුමැන සැමදා පිං සිත වපුරණා අයුරු කියලා දුන්නෙ අම්මා...// ගහට වැලට ඇළට දොලට පරිසරයට හැම සතාට ආදරයෙන් ඇලුම් කරනූ හැඟුම් දුන්නෙ අම්මා..// මා ලොකු මිනිසෙකු කරන්න මහන්සියේ අගය දෙන්න පිළිවන් වෙද ණය ගෙවන්න බුදු වෙන මගේ අම්මා.....// සතර බ්‍රහ්මවිහරණයෙන් සිහිකර වඳිනා උත්තම දෙවෙනි බුදුන් ලෙස සැමදා දෙපා වඳිමි අම්මා...// මා වෙනුවෙන් වින්ඳ දුකට පාරමිතාවක් විලසට මතු බුදු බව ලබනු ලෙසට මේ පින ඇති අම්මා....// ඒ අවසන් වූයේ උත්තම පුරුෂාර්ථයේ උත්තුංග වදන මානව සම්භාරයේ අපරිමාණය වූ අම්මා පිළිබදව මානව සත්තා යථාර්ථවාදී ගුණයෙන් යුතුව ලෙයින් මසින් සුසුමින් ජනිත රක්ත රුධිරය ශ්වේත කිරි කොට පෙවූ විශ්වයේ අමාමය මැවීම නිමැ වූ ඔබෙත් මගෙත් රත්තරං අම්මා පිළිබදවයි. මව් ගුණයෙන් වර්ණිත වූ කාව්‍යාත්මක විවරණය ප්‍රවීණ චිත්‍ර ශිල්පී රංජිත් වීරක්කොඩි සිත්තරාගේ පදරචනයකි...එම විවරණය විශ්වයේ සියලුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා .... සුගායනය කළ මා දංඕවිට වේරගොඩ පාරමීධර්මාශ්‍රමාධීකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කාව්‍ය ශ්‍රී පූජ්‍ය ලුණුගල්ලේ අමිත ස්වාමින් වහන්සේ.. තුනුරුවන්ගේ සූවිසි අනන්ත ගුණ බලයෙන් ඔබ සැමට යහපත සැනසිල්ල සෞභාග්‍ය උදා වේවා ..... #kavibana #lunugalleamithatherokavibana #abathelpahanpuja #sethkavi #bodipujakavi #mawpiyawandana #yugasanakavibana #ammakavibana #thaththakavibana #budubana #dharmadeshana