Перейти к содержимому

සසර ගමන වෙනස් කළ ආදර කතාවක් | උපක ආජීවක කතාව - A STORY OF LOVE THAT CHANGED A JOURNEY OF SAMSARA

STV Animation Studio и ещё 2

0:00 / 0:00

සසර ගමන වෙනස් කළ ආදර කතාවක් | උපක ආජීවක කතාව - A STORY OF LOVE THAT CHANGED A JOURNEY OF SAMSARA

85 812 просмотров · 1 месяц назад
STV Animation Studio и ещё 2
85 812 просмотров · 1 месяц назад
#උපකචාපා #UpakaChapaStory #theri_gatha #gatha #STVAnimationStudio #UpakaChapa #Sinhala_drama #SinhalaAnimation #ජාතක කතා සිංහල #AnimatedStorySinhala#jathaka katha sinhala _____________________________________________ මෙවැනි වටිනා විඩියෝ නිර්මාණය කිරීම සදහා දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් 071 232 88 87 දුරකතන අංකය ඔස්සේ අපහා සම්බන්ද වන්න. _____________________________________________ මෙවැනි වටිනා විඩියෝ නිර්මාණය කිරීම සදහා දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් 071 232 88 87 දුරකතන අංකය ඔස්සේ අප හා සම්බන්ද වන්න. 🔴 තපස් පෙමක් - වැදි ඉරණමක් | උපක ආජීවක කතාව - A STORY OF LOVE THAT CHANGED A JOURNEY OF SAMSARA "තාක්ෂණයේ දායකත්වයෙන්... නවීන සිනමාත්මක කලාව මුසු කරමින්... හෙට දවසේ තරුණ පරපුර වෙත ධර්මය දායාද කරන්නට අප දරන මේ ප්‍රයත්නයට..." සත්පුරුෂ ඔබ සැමටත් දායක විය හැකියි." විමසීම් 0712328887 චාපා තෙරණියගේ ගාථා (උපක:) එයා ඉස්සර තවුස් පිරිකර අතට ගත්ත කෙනෙක්. නමුත් දැන් එයා මුව වැද්දෙක්. ආශාව නිසා කාම මඩ ගොහොරුවෙන් මිදිල එතෙරට යා ගන්ට එයාට බැරි වුණා. චාපා හිතා ගෙන ඉන්නෙ මං තාම ත් ඈට ඇලිල ඉන්නෙ කියලා. ඈ පුතා ව නළවන්ට පටන් ගත්තා. ඒ වුණාට චාපා ගැන මතේ හිතේ තියෙන බන්ධනය නැති කරගෙන මං ආයෙමත් මහණ වෙනවා. (චාපා:) මහා වීරියවන්තයාණනි, මං ගැන කේන්ති ගන්ට එපා. මහා මුනිඳුනි, මං ගැන කේන්ති ගන්ට එපා. ක්‍රෝධයට යට වෙන කෙනෙකුට පිරිසිදු බවක් ඇති වෙන්නෙ නෑ. තපසක් කොයින් ද? (උපක:) මං මේ ‘නාලා’ ගමත් දාල යනවා. මේ ‘නාලා’ ගමේ නවතින්නෙ කවුද? ධාර්මික ව ජීවත් වෙච්ච ශ්‍රමණයින් වත් අල්ලල බැඳ ගත්තෙ මේ ස්ත්‍රී රූපෙ තමයි. (චාපා:) කලූ, මෙහාට එන්න. නවතින්න. කලින් වගේ ම කාම සම්පත් අනුභව කරන්ට. මාත්, මගේ නෑදෑයො ත් ඔයාට වසඟ වෙලා ඉන්නෙ. (උපක:) චාපා, ඔයා මට ඔය කියන කථාවලින් හතරෙන් පංගුවක් කිව්වොත්, ඔයාට ඇලුන මිනිහෙකුට නම් මහා ලොකු දෙයක් වගේ තියේවි. (චාපා:) කලූ, කන්දක් මුදුනක යොවුන් කිණිහිරි මල් ගහක් තියෙනවා. ඒ මල් ගහේ ලස්සනට මල් පිපිල තියෙන්නෙ. ඒ වගේ ම ලස්සනට මල් පිපිච්ච දෙළුම් ගහක් තියෙනවා. දූපතක් මැද්දෙ තියෙනවා ලස්සනට මල් පිපී ගිය පළොල් ගහක්. රන් හඳුන් ගාපු ශරීරයක් තියෙන, උතුම් කසීසළු පොරවන, ලස්සන රූපයක් තියෙන මාව අත්හැරල දාන්ට පුළුවන් වෙන්නෙ කාටද? (උපක:) ලිහිණි වැද්දා කැමති වුණා ලිහිණියෙක් හිර කරල තියාගන්ට. නමුත් ඔයා ගෙ ඔය රූපෙන් මාව නම් බැඳල තියා ගන්ට බෑ. (චාපා:) කලූ, මගේ මේ පුතා මට ලැබුණෙත් ඔයා නිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරල දාල යන්ට හිතන්නෙ කවුද? (උපක:) නුවණ තියෙන මිනිස්සු දරුවන් ව අත්හැරල දානවා. ඒ වගේ ම තමන් ගේ නැදෑයන් ව ත්, දේපළ වස්තුව ත් අත්හැරල දානවා. මහා හස්ථිරාජයෙක් දම්වැල් කඩාගෙන යනව වගේ ගිහි බන්ධන කඩාගෙන ගිහින් මහණ වෙනවා. (චාපා:) එහෙම ද? එහෙනම් මං දැන් පොල්ලකින් ගහල හරි, පිහියකින් ඇනල හරි මේ පුතා ව මරල දානවා. පොළොවේ ගහල හරි මරල දානවා. එතකොට පුතා ගැන ශෝකෙන් ඉන්න ඔයාට ඔය ගමන යන්ට ලැබෙන්නෙ නෑ. (උපක:) ඒයි ලාමක ගෑණියේ. ඔහොම නොවෙයි, පුතා ව හිවල්ලුන්ට කන්ට දුන්න ත්, බල්ලන්ට කන්ට දුන්න ත්, මට කමක් නෑ. පුතෙක් හින්ද ආයෙමත් මාව මේ ගෙදර නවත්ත ගන්ට බැරි බව දැනගනින්. (චාපා:) කලූ, මගේ ස්වාමීනි, හා හොඳයි. එහෙනම් කියන්න, දැන් ඔයා කොහිද යන්නෙ? කොයි ගමට ද? කොයි නියම් ගමට ද? කොයි නගරෙට ද? කොයි රාජධානියට ද? (උපක:) ඉස්සර අපි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයන් කියල හිතාගෙන හිටියා. ඉතින් පිරිස් පිරිවරාගෙන ගමින් ගමට, නගරයෙන් නගරෙට, රාජධානියෙන් රාජධානියට ඇවිද ගෙන ගියා. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නේරංජරා ගංගා තීරයේ, හැම දුක් අවසන් කරන ධර්මය දේශනා කරනව. මං මේ වතාවෙ යන්නෙ උන්වහන්සේ ළඟට යි. උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ. (චාපා:) අනේ! එහෙනම් ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට මාත් වන්දනා කරන බව කියන්ට. උන්වහන්සේ ව පැදකුණු කරල ඒ පින මටත් ලබාදෙන්ට. (උපක:) ඔව්! ඔයා කියන විදියට ම ඒ පින ලබාගන්ට පුළුවන්. ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට ඔයාගේ වැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේව පැදකුණු කරල ඒ පින මං ඔයාට ලබා දෙන්නම්. ඊට පසු කලූ (උපක) නේරංජරා ගංතෙර දක්වා ම ගියා. එයාට එහෙදි දැක ගන්ට ලැබුණා අමා දහම් දෙසන බුදු සමිඳාණන්ව. ඒ දහම් නම්, දුක, දුකේ හටගැනීම, දුක ඉක්මවා යාම, දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයා බුදු සමිඳුන්ගේ සිරි පතුල් වැඳ පුදාගත්ත. උන්වහන්සේ වටේ පැදකුණු කරගෙන ලබා ගත්තු පින් චාපාට අනුමෝදන් කළා. බුද්ධ ශාසනයේ මහණ වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ඉත්ථං සුදං චාපා ථේරී ගාථායෝ අභාසීති. මේ වනාහී චාපා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය. චාපා තෙරණියගේ ගාථා - https://www.tripitaka.online/sutta/14877 STV Animation Studio Shraddha Media Network, Hewagama, Kaduwela Telephone – (+94)112 571 471 Fax – (+94)112 548 400 Email – Info@shraddha.lk STV Animation Studio YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Kindly note that if you re-upload the videos from this YouTube channel on YouTube, you will receive "YouTube Copyright Strikes" as Shraddha Media Network holds the copyright for those videos. ©️Shraddha Media Network - All Rights Reserved 2025