Перейти к содержимому

1984 ටයිටස් තොටවත්ත ගේ "රන් කහවනු" හතරවෙනි කොටස. Titus Thotawaththe's Ran Kahawanu Episode 4

Tissa Madawela

0:00 / 0:00

1984 ටයිටස් තොටවත්ත ගේ "රන් කහවනු" හතරවෙනි කොටස. Titus Thotawaththe's Ran Kahawanu Episode 4

10 577 просмотров · 1 месяц назад
Tissa Madawela
46 тыс. подписчиков
10 577 просмотров · 1 месяц назад
ටයිටස් තොටවත්ත ගේ "රන් කහවනු" සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරණතුංග,කමල් අද්දරආරච්චි, රෙක්ස් කොඩිප්පිලි,මැණික් කුරුකුලසූරිය,රුබී ද මේල්. නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් වූ ටයිටස් තොටවත්ත මහතා අධ්‍යක්ෂණය කළ "රන් කහවණු" ටෙලි නාට්‍යය 80 දශකයේ මුල් භාගයේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ විශේෂත්වයක් වූයේ එහි ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් ජනප්‍රිය සිනමා තරු වීමයි. සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග , කමල් අද්දර ආරච්චි, රෙක්ස් කොඩිප්පිලි වැනි ජනප්‍රිය නලු නිලියන් මේ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉක්මනින් මුදල් සම්භ කර ධනවත් වීමේ ආශාවෙන් පෙලෙන ගමක වෙසෙන තරුණයෙක් (සනත් ගුණතිලක) නගරයේ ධනවත් ව්‍යාපාරිකයකු ලඟ (රෙක්ස් කොඩිප්පිලි) ළඟ සේවයට පැමිණෙනවා. ඔහුගේ පෙම්වතිය (සබීතා පෙරේරා)සහ බාල සොහොයුරා (ජීවන් කුමාරතුංග) සහ පවුලේ උදවිය ඔහු රැකියාව පිණිස නගරයට යාම පිළිබඳව කැමැත්තක් දක්වන්නේ නැහැ. බාල සොහොයුරා තමාගේ වැඩිමහල් සොහොයුරා ගේ පෙම්වතියට යටි සිතින් පෙම් කරනවා. තරුණයා සේවය කරන ව්‍යාපාරිකයා මත් කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බව තරුණයා දැන ගන්නේ අවසානයේ. ව්‍යාපාරිකයා පුත්‍රයාද මත් කුඩු වලට ඇබ්බැහි වෙනවා. සියල්ල වටහා ගන්නා තරුණයා තමා රැකියාව හැරදා යන බව ව්‍යාපාරිකයාට පැවසූ විට ඔහුව නතර කර ගැනීමට ව්‍යාපාරිකයා උත්සාහ දරනවා. කතාව අවසන් වනුයේ ව්‍යාපාරිකයා විසින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගැනීමෙන්. ධන තණ්හාව විනාශයට මුලය යන කරුණ මූලික කොට ගත් මේ ටෙලි නාට්‍යයේ එන "රන් කහවණු සල්ලි සල්ලි " නම් තේමා ගීතයද එකල ඉතා ජනප්‍රිය වූවා විරිදු ගීතයක තාලයට ගැයෙන මේ ගීතය ගැයූ ගායකයාගේ නම මතකයේ නැත්තේ මෙය අප කුඩා අවධියේදී නැරඹූ ටෙලි නාට්‍යයක් වූ නිසයි.මෙම නාට්‍යයේ රූප රාමුවක සේයාරුවක් පවා අන්තර් ජාලයෙන් සොයා ගැනීමට අපහසු විය. "රන් කහවණු" ටෙලි නාට්‍යයේ තේමා ගීතයෙන් කොටසක් සල්ලි ගහේ කරටිය ඉස්මත්තේ දිවිය ලෝකයේ දොරටුව ඇත්තේ යුක්තිය සෙනෙහස අහලක නැත්තේ ඒවා ගහ යට වැළලී ඇත්තේ Key Facts About the Production:Format & Broadcast: It was broadcast on Sri Lanka Rupavahini Corporation as a 16-episode serial.Cast: Despite not achieving overwhelming viewer popularity at the time, it featured a highly celebrated all-star cast from the cinema era, including Rex Kodippili, Sanath Gunathilake, Sabeetha Perera, and Kamal Addaraarachchi.Historical Significance: It is remembered as a pioneering effort in early Sri Lankan television drama, notably featuring the first major television roles for several iconic silver-screen actors.