Перейти к содержимому

ගොංගල කන්ද බලන්න යමු | Gongala mountain 💚🍃 #Gongala #trending

CLICK NAWEEN

0:00 / 0:00

ගොංගල කන්ද බලන්න යමු | Gongala mountain 💚🍃 #Gongala #trending

358 просмотров · 1 месяц назад
CLICK NAWEEN
5,38 тыс. подписчиков
358 просмотров · 1 месяц назад
ගොන්ගල කන්ද | ⛰️🏕️🍀💛💚 🛑 ගොන්ගල කන්ද යනු සබරගමුව පලාතට අයත් උසින් වැඩිම කන්දයි. 🛑 රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොන්ගල කන්දෙහි උස මීටර් 1357 ක් වන අතර ගොංගල කන්ද ලංකාවේ පිහිටා ඇති කදු අතරින් 15 වැනියට උසම කන්ද වේ. 🛑 ගොන්ගල කන්ද ගෝනෙකුගේ හැඩයක් ගැනීම නිසාවෙන් මෙයට ගොන්ගල නම පටබැදී ඇත. 🛑 ගොන්ගල කන්දෙහි උසම ස්ථානය ගොන්ගල view point එක නොවන අතර ඉන් මදක් ඔබ්බෙන් ගොන්ගල කදු පංතියෙහි උසම ස්ථානය දැක බලා ගත හැක. 🛑 ගොංගල කන්ද යනු දකුණු පලාත ඉලක්ක කොටගත් ප්‍රධානතම ප්‍රතිවිකාශන මධ්‍යස්ථානය වේ. 🛑 දකුණු පලාත ඉලක්ක කොට ගත්තත් ඌව පලාතෙහි සහ සබරගමු පලාතෙහිද ඇතැම් පෙදෙස් ගොන්ගල මගින් ආවරණය කරනු ලබයි. 🛑 ගොංගල කන්දේ සිට රූපවාහිනී නාලිකා 10 ක් සහ ගුවන් විදුලි නාලිකා 29 ක් විසිරුවා හරින අතර ගොංගල කන්දේ සිට විසුරුවා හරින එකම රජයේ නාලිකාව channel eye නාලිකාව පමණි. 🛑 ගොන්ගල කන්ද යනු ශ්‍රී ලංකාවෙහි පිහිටා ඇති වැඩිම නාලිකා ප්‍රමාණයක් ප්‍රතිවිකාශනය කරන ප්‍රතිවිකාශන මධ්‍යස්ථානය වේ. 🛑 ගොන්ගල කදු මුදුන නාවික හමුදාව විසින් පාලනය කරනු ලබයි. 🛑 නිල්වලා ගග සහ ගිංගගෙහි මූලාරම්භය වන්නේ ගොන්ගල කන්දයි. 🛑 නිල්වලා ගග මාතර තොටමුණින් මුහුද හා මුසු වන අතර ගිං ගග ගාල්ල ගිංතොටින් මුහුදට මුසු වේ. 🛑 ගොන්ගල කන්දෙහි බටහිර දෙසින් සිංහරාජ වනය පිහිටා ඇති අතර නැගෙනහිර සහ උතුරු දෙසින් රක්වාන, බලංගොඩ සහ උඩවලව රක්ෂිතය දැක බලාගත හැක. 🛑 පැහැදිලි අහසක් ඇති දිනවල කන්දට දකුණු දෙසින් මාතර දකුණු මුහුදු තීරයද දැක බලාගත හැක. 🛑 ගොන්ගල තරණය කිරීමේදී කැලෑ මාර්ගයකින් 2km පමණ යා යුතු අතර එම අඩි පාර මග හැරීමේ අවදානමක් ද පවතී. 🛑 එම නිසා මග සලකුණු ලකුණු කරමින් ගමනේ යෙදෙන්න. 🛑 රාත්‍රී කාලයේදී මෙම කැලෑව තුලට යාමෙන් වලකින්න. 🛑 ගොන්ගලට ගිය පසු ඉතාමත් රමණීය වූත් සුන්දර වූත් view එකක් දැකබලා ගත හැක. 🛑 ගොංගල යනු සෑම කදු තරණය කරන්නෙක්ම තරණය කල යුතුම කන්දකි. 🛑 ගොන්ගල කදු පංතියෙහි උසම ස්ථානය ලෙස හැදින්වනු ලබන්නේ ගොන්ගල කන්දෙහි අතහැර දමා ගිය ඩොප්ලර් රේඩාර් කුළුණයි. 🛑 මෙම කුළුණ වර්තමානයේ අක්‍රීය ව පවතින අතර මෙය නිමවා ඇත්තේ 2006 ජුනි මාසයෙහිය. 🛑 මෙය කාලගුණය සහ ස්වාභාවික විපත් කල් තියා දැනගැනීමට හැකි වූ රේඩාරයකි. 🛑 2011 ඔක්තෝබර් මාසයේදී මෙම ඩොප්ලර් රේඩාරය ලංකාවට නැව්ගත කරනු ලැබූ අතර එම උපකරණය ලංකාවට පැමිණි පසු දේශීය වැඩ වල තිබූ ප්‍රමාදය හේතුවෙන් මෙම රේඩාරය ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් විය. 🛑 එම නිසා තාවකාලිකව මෙම රේඩාර් උපකරණය ගොන්ගල කදු මුදුනෙහි පිහිටා ඇති රේඩාර් කුළුණේ තැන්පත් කරන ලදි. 🛑 නමුත් රේඩාර් කුළුනෙහි අහිතකර තත්වය හේතුවෙන් රේඩාර් උපකරණයට හානිවී ඇති අතර පසුව මෙම රේඩාරය නැවතත් ඇමරිකාවට නැව්ගත කර ඇත. 🛑 ගොන්ගල පිහිටි රේඩාර් කුළුණද රේඩාරයක් ස්ථාපනය කිරීමට අපොහොසත් වූ නිසා අතහැර දමන ලදි. 🛑 රේඩාර් කුළුණ එසේ අතහැර දැමූවත් එම කුළුණ අමුතුම සුන්දරත්වයක් එහි පැමිණෙන සංචාරකයන් හට ගෙන දෙයි. 🛑 එමෙන්ම මෙම රේඩාර් කුළුණෙහි උඩටම ගිය පසු ඉතා විශාල පරාසයක view එකක්ද දැක බලාගත හැකිය. 🛑 Camping වලට ලංකාවේ තියෙන සුපිරිම තැනක්. ලංකාවේ තියෙන සුපිරිම view එකක්. Travel වලට ආස ඔයාලා යන්නම ඕනේ ගමනක්.