ඔබේ මනස දේව වචනයට විවෘතද?
VOH TV
0:00 / 0:00
ඔබේ මනස දේව වචනයට විවෘතද?
407 просмотров · 10 месяцев назад
VOH TV
2,9 тыс. подписчиков
407 просмотров · 10 месяцев назад
ඔබේ මනස දේව වචනයට විවෘතද?
හෙබ්‍රෙව් 11:6 “නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”
කිතුනුවන් වන අපිට දෙවියන්වහන්සේව වෙන කිසිම දෙයකින් ප්‍රසන්න කරන්න බැහැ.
උන්වහන්සේව ප්‍රසන්න කිරීමට පුළුවන් එකම විදිය ඇදහිල්ලෙන් පමණයි. අපේ යාච්ඤාව, අපේ දීම, අපේ සහභාගිකම සියල්ල ඇදහිල්ල මත පදනම් වෙන්න අවශ්‍යයි.
ඕනෑකමින් සහ කඩිසර ලෙස දෙවියන්වහන්සේව සොයන අය තමයි උන්වහන්සේව ඇදහිල්ලෙන් ප්‍රසන්න කරන්නේ.
එමෙන්ම දෙවියන්වහන්සේව අපි දැනගැනීම නොව උන්වහන්සේව හඳුනා ගැනීමයි වඩා වැදගත් වන්නේ. කිතුණුවන් බලවත් වෙන්නේ, සාර්ථකවන්නේ හා සමර්ථකම් කරන්නේ දෙවියන්වහන්සේව හඳුනා ගැනීමෙන්. එය කරන්නේ කෙසේද? දේව වචනයෙන් උන්වහන්සේව හඳුනාගැනීමෙන්.
අපගේ මනස යනු අපගේ ආත්මය තුළ දෙවියන්වහන්සේ බාගත කරන දේවල් පැවැත්මට ගෙන එන්නට පුලුවන් ස්ථානයි. එමනිසා, අපේ මනස නිරන්තරයෙන් දෙවියන්වහන්සේගේ වචනයට පමණක් අපි විවෘත කළ යුතුයි හා අපි වචනයෙන් පිරී සිටිය යුතුයි.
අපගේ මනස වැඩි කාලයක් යොමු කරමින් ලබාගන්නේ කුමක්ද, අප විසින් පැවැත්මට ගෙන එන්නේ ඒ දෙයයි.
2025 නොවැම්බර් 16 ඉරුදින දේව මෙහෙයේදී ජූඩ් වැලන්ටන් සභාපාලකතුමා කල දේශනාව.
සවර්ගයේ හඬ සභාව - මාරවිල