සීගිරියට දවසින් ගිහින් එමුද? |Ancient City of Sigiriya | One Day Trip EP:01| Budget Trip 🇱🇰
Count Memories
0:00 / 0:00
සීගිරියට දවසින් ගිහින් එමුද? |Ancient City of Sigiriya | One Day Trip EP:01| Budget Trip 🇱🇰
18 755 просмотров · 3 года назад
Count Memories
1,53 тыс. подписчиков
18 755 просмотров · 3 года назад
හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්.. මම අද යන්න හදන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ද පිටරට අය ගොඩාක් හොයාගන එන සීගිරියට. කොලඹ ඉදන් එක දවසින් සීගිරියට ගිහින් එන විදිහ මම කියන්නම්.. අපි කොලඹ ඉදන් එද්දි දඹුල්ලට මුලින්ම එන්න ඕනි.. අනුරාදපුර ,පොලොන්නරුව ,කදුරුවෙල , වව්නියා ,යාපනය, කින්නිය , මුලතිව් යන ඕනම බස් එක්ක නැගල අපිට දඹුල්ලෙන් බැහැගන්න පුලුවන්. මන් ගියේ ඔක්තෝම්බර් 31 2022කේ..එතකොට කොලඹ ඉදන් දඹුල්ලට 570ක් ටිකට් එක.උපරිම පැය හතරක් වගේ තමයි යන්නේ. පාන්දර වගේ ආවොත් පැය තුනත් තුන හමාරත් අතර එනවා.. කැකිරාව හෝල්ට් එකෙන් බස්සන්න කියන්න..ගූගල් මැප් බලාගන ආවත් ඔයාට බහින්න පුලුවන් ලේසියෙන්ම. ඊට පස්සෙ එතන්ට සීගිරිය බස් එනවා. කොන්දොස්තර මහත්මයට කියන්න සීගිරිය යන තැනින් බස්සන්න කියලා..මිනිත්තු හතලිහක වගේ ගමනක්.. රුපියල් 109යි බස් ටිකට් එක.. එතන ඉදන් සීගිරිය ටිකට් ගන්න තැනටම 1.2KM වගේ තියන්නෙ පයින් යන්න..එතන ත්‍රී වීල්ස් ඔනිනම් තියනවා .ඒත් මමනම් ගියෙ පයින්. අපිට සීගිරිය උඩටන පැයක් යන්න කලින් ගියාහැකි.මේ දවස් වලනම් හවස් වෙද්දි ටිකක් හයියෙන් වහිනවා.අපිට දැන් ඉස්සර වගේ නෙවේ ටිකක් උඩට යන පාර වෙනස් කරල තමයි තියන්නේ.. වට පිටාවනම් මේ දවස් වල මාරම ලස්සනයි..
අපිට බහිද්දි ටිකට් ගත්ත පත්තෙන් නැතිව අනිත් පැත්තෙන් බහින්න පුලිවන්..එතන ඉදන් බස් නවත්තන තැනටම තියන්නෙ මීටර් 200ක් වගේ පේන දුරක්.. හවස පහ වෙනකම් දඹුල්ලට බස් එනවා සීගිරි ඉදන්.. පහට කලින් බස් හෝල්ට් එකට එන්න මටනම් පුලුවන් උනා.. මම කොලඹින් ගියේ උදේ 8:30 ට වගේ.. ඔයාල යනවනම් තව ටිකක් උදෙන්ම ගියොත් සීගිරිය ලගම තියන පිදුරන්ගලටත් ගිහින්ම එන්න .එතනත් ගොඩක් ලස්සනයි..මටනම් අද යාගන්න බැරි උනා.ටයිම් මදි උනා.. මන් 5 වගේ වෙද්දි දබුල්ලට ඇවිත් එතනින් කොලඹ බස් එකක නැවත ආව. රෑ 9 ව්ගෙ වෙද්දි ගෙදරටන ආවා.. ඔයාලත් පරිස්සමින් ගිහින් හැමදේම බලල පරිස්සමින් එන්න. මොනාහරි දැනගන්න තව තියනවනන් කමෙන්ට් එකක් දාන්න..😋🙊😍🖤💚 #1k #onedaytrip #srilanka