ප්‍රදීපාගාරය I Episode 18 I බර්ටොල්ට් බ්‍රෙහ්ට් I Bertolt Brecht
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Episode 18 I බර්ටොල්ට් බ්‍රෙහ්ට් I Bertolt Brecht
6 826 просмотров · 7 месяцев назад
Sisira Kumara Bandaragama
10,5 тыс. подписчиков
6 826 просмотров · 7 месяцев назад
නූතන නාට්‍ය කලාව ගැන කතා කරනකොට කිසිම විදියකින් මග හරින්න බැරි නමක් තමයි - බර්ටෝල්ට් බ්‍රෙහ්ට්. වර්තමාන නාට්‍ය රචනයට, නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට විතරක් නොවෙයි, නාට්‍යය රංගනයටත් බර්ටෝල්ට් බ්‍රෙහ්ට් කර ඇති බලපෑම අතිවිශාලයි. ඔහු හඳුන්වා දුන් වේදිකා නාට්‍ය සම්ප්‍රදාය අද ලෝකයේ නාට්‍ය කරුවන්ගේ ප්‍රමුඛ ප්‍රවනතාවක් බවට පත් වෙලා තියෙනවා. බර්ටෝල්ට් බ්‍රෙහ්ට් විසින් නාට්‍යකරණය පිලිබඳ ලියූ කියූ දේවල් අද නාට්‍යකරුවන්ට අත්පොතක් බවට පත් වෙලා තියෙනවා කියල කිව්වොත් නිවැරදියි.
ඔහු නාට්‍යකරුවෙක් පමණක් නොවෙයි - අද්විතීය කවියෙක්. ඔහු කවි සහ ගීත 2000කට වඩා ලියා තියෙනවා.
මේ සියල්ලටම වැඩිය - බර්ටෝල්ට් බ්‍රෙහ්ට් මිනිස් ඉතිහාසයේ ඉතාම දුෂ්කර සමයක ජීවත් වුනු ඒ ජීවිත අද්දැකීම් තම කලා මාධ්‍ය තුලින් එලිදක්වමින් මිනිස් සංහතියට සදා නොමැකෙන කලා කෘතින් රැසක් දායාදකල අද්විතීය කලාකරුවෙක් හැටියටයි, ඉතිහාසගත වෙන්නේ.
ඇත්තෙන්ම ඔහු වෙනස් කලේ වේදිකා නාට්‍යකරණය විතරක් නොවෙයි. ඔහු නාට්‍ය නරඹන්නා, වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාත් වෙනස් කල බව සඳහන් කල යුතුයි. ඔහු මේ සියල්ලම කලේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ තමයි වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන්.
ඉතින් මං හිතුවා අද ප්‍රදීපාගාරයෙන් මේ අපූරු කලාකරුවා ගැන කතා කරන්න. ඔහු ලිවූ වේදිකා නාට්‍යය, ඔහු හඳුන්වා දුන් වේදිකා නාට්‍ය සම්ප්‍රදාය අදටත් වලංගුයි. අපේ රටේ වේදිකා නාට්‍ය පිලිබඳ නව ප්‍රබෝධයක් ඇති වෙමින් පවතින මේ වකවානුවේ බර්ටෝල්ට් බ්‍රෙහ්ට් පිලිබඳ කතිකාව ඉතාම කාලෝචිතයි කියල මට හිතෙනවා. ඒ වගේම ඇසූපිරූ මිනිහෙක් හැටියට මේ අද්විතීය කලාකරු ගැන දැන සිටීමත් වැදගත්.
ඉතින් අද මේ වැඩසටහනින් සොයා බලමු - කවුද මේ බර්ටෝල්ට් බ්‍රෙහ්ට් කියන කලාකරුවා කියල. ඔහු රචනා කර නිෂ්පාදනය කල වේදිකා නාට්‍ය පිලිබඳ කතා කරන ගමන්ම - බර්ටෝල්ට් බ්‍රෙහ්ට් ගොඩනැඟූ ඒ නව නාට්‍ය සම්ප්‍රදාය - නැතිනම් ‘එපික් තියටර්’ - නමින් හැඳින්වන ඒ අලුත් නාට්‍ය සම්ප්‍රදායේ මූලික ලක්ෂණ ගැනත් අපේ අවධාණය යොමු කරමු. ඇත්තෙන්ම ඔහුගේ ජීවිත කතාවත් වේදිකා නාට්‍යයක කතාවක් වගේම අපූර්වයි, වර්ණවත්, සිත් කම්පාකරවන සුලුයි.