Перейти к содержимому

පොල්ටොෆී | Coconut Toffee | වරදින්නෙ නැතිව හරියටම හදන විදිහ#srilankanfood #coconut

California Kitchen

0:00 / 0:00

පොල්ටොෆී | Coconut Toffee | වරදින්නෙ නැතිව හරියටම හදන විදිහ#srilankanfood #coconut

2 289 просмотров · 3 г. назад
California Kitchen
25,2 тыс. подписчиков
2 289 просмотров · 3 г. назад
අවශ්‍ය ද්‍රව්‍ය ❤️ හීනියටම ගාගත් පොල් 400g ( ලොකුවට පොල් ගාගෙන ගත්තොත් කනකොට පොල්‍ රොඩු වගේ ඉතිරි වෙනවා. ඒ නිසා පොල් ගාලා පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා ගන්න. වතුර නොදා බ්ලෙන්ඩ් කරන්න. තත්පර කීපයක්. ) ❤️ සීනි 600g ( ගන්න පොල් ප්‍රමානයට වඩා සීනි ග්‍රෑම් 150ක් -200ක් වැඩිපුර ගන්න) ❤️ පිටි කිරි පුරවාගත් මේස හැදි 2ක්. ( වැඩිපුර කිරි පිටි එකතු කරාම තවත් රසයි . තියනවානම් මේස හැදි තුනක් හතරක් උනත් කමක් නෑ. මිල්ක්මේඩ් නම් මේස හැදි 4-5ක් , ප්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2ක් විතර. වීඩියෝ එකේ කාලක් කියන්නෙ සමාවෙන්න🙏) ❤️ එනසාල් 5ක් හොදින් කුඩු කරගෙන. ❤️වැනිලා තේහැදි 2ක් ( එනසල් දාන හින්දා නොදැම්මා කියලත් ගානක් නෑ) ❤️ බටර් හෝ මාගරින් මේසහැදි 3-4ක්. ❤️ලුනු තේහැදි 1/4ක් 💚 කිරි දාන එක අනිවාර්ය නෑ කියලා කියන්න පුළුවන් .. ඒත් ගොඩාක් රසයි ටිකක් දාගත්තාම. ගෙදර කන්නනෙ හදන්නෙ. ඒ නිසා ටිකක් දාගන්න. පුළුවන් විදිහට. පොල් ටොෆී හදන්න පොල්, සීනි, ලුනු එනසල් තිබ්බත් ඇති. අනිත්වත් දැම්මාම ගොඩාක් රසයි. 💚 පදම වැරදුනත් ආය හදලා ගන්න පුළුවන් දෙයක් තමා පොල් ටොෆි. දිය වැඩි වෙලා ගියොත් ආය ලිපේ තියලා හැදි ගාද්දී වතුර මේස හැදි දෙක තුනක් දාලම හැදි ගාන්න. වතුර . ගොඩාක් හයි වෙලා ගියත් ආපහු හැදි ගාද්දී වතුර කෝප්ප 1/4-12ක්වත් දාලා හැදි ගාන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ආපහු හදා ගන්න පුළුවන්. 💚 මන් ගත්ත පදමට ගත්තාම ඔයාට වෙලා අරන් තුනී කරගෙන විනාඩි 5-6ක් තියලා කෑලි ඇඳ ගන්න පුළුවන්. එතකොට ත් ගොඩාක් හයි වෙලා නෑ. ගොඩාක් අය හදද්දි ලිපෙන්බාන්නෙ මීට වඩා හයි උන පදමෙදී එතකොට ඉකමනින් තුනී කරන් ඉකමනින් ම ඒ වෙලාවෙම කෑලී කපන්න ඕනෙ. ❣️❣️❣️අපි එහෙම කරන්න ඕනෙ නෑ. හිමීට තුනී කරන් විනාඩි පහක් හයක් තියලා මන් පෙන්නපු ගානට ආවාම කෑලි කපාගෙන. කිරිටොෆී ටික හොදටම නිව්නාම කෑලි වෙන්කර ගන්න. විනාඩි 30කට වඩා යනවා නිවෙන්න. 💚 ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් කරලා අහන්න. 😊