Nube Ruwa - නුඹෙ රුව
සිහින සිත්තරා - Dream Artist
0:00 / 0:00
Nube Ruwa - නුඹෙ රුව
56 просмотров · 7 дней назад
සිහින සිත්තරා - Dream Artist
33 подписчика
56 просмотров · 7 дней назад
Lyrics by: Salinda Nuwan
නුඹ ගැන සිතුවම් ඇඳුනා, මටත් නොදැනීම හිතේ… මගේම කවි සිත්තම් අතරේ, නුඹේ රුව මැවුණා නිහඬවම…
පාට පාට මල් පෙති අතරේ, නිල් මැණික් දිලිසෙන රැයේ… හැඩ දළු අතරින් හමා යන, සුළඟෙත් නුඹේ සුවඳ තිබුණා…
මං ඇන්ද හැම සිතුවමකම, නුඹේ රුව සැඟවී තිබුණා… මං ලියූ හැම කවියකම, නුඹේ නම නොකියා ලියවුණා…
දුටුවාද නුඹ… මේ සිත්තම් අතර, නුඹේ රුවම මැවෙන හැටි… ඇසුවාද නුඹ… මේ කවි අතර, නුඹ වෙනුවෙන් හඬන හඬ…
පාටක් වෙලා, මලක් වෙලා, හීනයක් වී නුඹ එනවා… මටත් නොදැනී හැම මොහොතකම, මගේ ලෝකය නුඹ වෙලා…
සඳ එළිය වැටෙන රෑක, කවුළුව ළඟ තනිව හිඳිනා විට… හිස් සුදු කඩදාසියක් මත, ආයෙත් නුඹේ රුව ඇඳෙනවා…
කවියක් වී හිතට එන, නුඹේ මතක මැකෙන්නේ නෑ… මං කොතැනක සිතුවම් ඇන්දත්, නුඹ නැති රූපයක් හමුවෙන්නේ නෑ…
ඒකද ආදරේ කියන්නේ… නොදැනීම හිතේ රැඳෙන එකද… ඇස් පියාගත්තත් පෙනෙන රුව, කාලය ගියත් නොමැකෙන එකද…
දුටුවාද නුඹ… මේ සිත්තම් අතර, නුඹේ රුවම මැවෙන හැටි… කියවුවාද නුඹ… මේ කවි අතර, නුඹටම ලියූ ආදරය…
පාටක් වෙලා, මලක් වෙලා, හීනයක් වී නුඹ එනවා… මටත් නොදැනී හැම මොහොතකම, මගේ කවියම නුඹ වෙලා…