Borukari | බොරුකාරි | Gayya (Daddy)
Gayya Music
0:00 / 0:00
Borukari | බොරුකාරි | Gayya (Daddy)
152 743 просмотра · 7 месяцев назад
Gayya Music
126 тыс. подписчиков
152 743 просмотра · 7 месяцев назад
Artist - Gayya
Lyrics - Gayan Perera
Melody - Gayan Perera
Mix & Master - Aruna Liyan.
Music Video - Wide Angle Productions.
Thumbnail - Thush Favourite.
කුමක් කරත් කොහේ ගියත් මොනවා වුනත්
මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක්
දිනක් දෙකක් පමා වුනත් නෑ කවදාවත්
මම පමා වෙලා මේ වගේ එක දවසක් වත්
බඩත් ගිනියි නෑ උදේ ඉඳන් මට තේ උගුරක්
බොන්නට අහලක පහලක පොඩි කඩයක්වත්
ඉවසාගෙන හිටියානම් මම තවදුරටත්
තාමත් හන්දියේ අඹ ගහ යට මම උඹ එනකන්
මාව මග නොහැරපන් පන් පන්
මගේ මූණටම කියාපන් පන් පන්
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයන් යන් යන්
Oooh…
මගේ දෑස් දිහා බලපන් පන් පන්
තවත් වරක් හිතපන් පන් පන්
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන් පන් පන්
Oooh…
මතකයි මට අද වගේම තව එක දවසක්
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
මඩත් වැඩියි වැහි පොදත් සැරයි
මගේ කුඩෙත් පොඩියි
උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි
විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි
අදත් කලේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක්
හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
සමාව දෙන්නට ඔය බොරුකාරිට තවපාරක්.
මාව මග නොහැරපන් පන් පන්
මගේ මූණටම කියාපන් පන් පන්
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයන් යන් යන්
Oooh…
මගේ දෑස් දිහා බලපන් පන් පන්
තවත් වරක් හිතපන් පන් පන්
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන් පන් පන්
Oooh…
SOLO
මාව මග නොහැරපන් පන් පන්
මගේ මූණටම කියාපන් පන් පන්
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයන් යන් යන්
Oooh…
මගේ දෑස් දිහා බලපන් පන් පන්
තවත් වරක් හිතපන් පන් පන්
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන් පන් පන්
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන් පන් පන්
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන්
ඉවරායි.