Перейти к содержимому

සුපුරුදු සුවඳක් New Sinhala Song With Lyrics

Saman Kodithuwakku

0:00 / 0:00

සුපුරුදු සුවඳක් New Sinhala Song With Lyrics

402 просмотра · 3 мес. назад
Saman Kodithuwakku
89 подписчиков
402 просмотра · 3 мес. назад
සුපුරුදු සුවඳක් - New Sinhala Songs - With Lyrics මිනිස් ජීවිතයේ ගැඹුරුම බැඳීම වන මාතෘත්වය, පරම්පරා තුනක් හරහා ගලා යන ආකාරය මෙම ගීතයෙන් නිරූපණය වේ. සිය අලුත උපන් බිළිඳාට මව්කිරි දෙන දියණිය අසල සිටින පියෙකුගේ සිත් තුළ නැඟෙන මතක සමුදාය මෙම ගීතයේ මූලික තේමාවයි. එම සුවඳ ඔහු තම ළදරු අවධියටත්, තම දරුවන් පෝෂණය කළ බිරිඳගේ යුගයටත් රැගෙන යයි. මෙසේ මව, බිරිඳ සහ දියණිය යන පරම්පරා තුනක මාතෘත්ව අත්දැකීම් එකම හැඟීම් දාමයකට ගොනු කරමින්, මිනිස් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්මට පදනම් වන අයුරු මෙහි කාව්‍යමය ලෙස අගය කෙරේ. ලොව පුරා සිටින සහ සියලුම අම්මලාට මෙම ගීතය උපහාරයක් වේවා! රචනය: නිමල් රාජපක්ෂ තනුව- සමන් කොඩිතුවක්කු ගායනය සහ සංගීතය ඒ. අයි. තාක්ෂණයෙන් Written by : Nimal Rajapaksha සුපුරුදු සුවඳක් රචනය: නිමල් රාජපක්ෂ ------------------------------------------------- සුපුරුදු සුවඳක් සුලඟේ දැවැටී අවුදින් මතකය අවදිකරයි ගලා ගලා එන ඒ මුදු සුවඳින් දුවේ නුඹේ පැල පිරී ගිහින් අම්මා මට දුන් කිරි සුවඳ වගේ සුවඳක් පෙර කලකද මේ වැනි මුදු සුවඳම අපේ නිවස තුල දැවැටී තිබුනා නුඹටත් මතකද ඒ නුඹ බිව් කිරි සුවඳ වගේ සුවඳක් ආයෙත් ඒ කිරි සුවඳම දැනිලා මා සිත සෙනෙහෙන් පිරී ගිහින් දෝතට ගුලිකර මුව සිප ගන්නට දුවේ සිඟිත්තා රැගෙන වරෙන් අම්මා මට දුන් කිරි සුවඳ වගේ සුවඳක් මා බිව් මවු කිරි සුවඳ වගේ සුවඳක්