🔴NEWS ALERT🚨 | ශිරන්ති රාජපක්ෂට ඇප | Ada Derana
Ada Derana
0:00 / 0:00
🔴NEWS ALERT🚨 | ශිරන්ති රාජපක්ෂට ඇප | Ada Derana
52 206 просмотров · 6 часов назад
Ada Derana
3,94 млн подписчиков
52 206 просмотров · 6 часов назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
🔴NEWS ALERT🚨 | ශිරන්ති රාජපක්ෂට ඇප
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළේය.
ඉන් අනතුරුව විමර්ශනවල ප්රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් විය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන තිබුණි.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews