මිනිත්තු 10ක් නරඹන්න – සතර අපායවලින් මිදෙන්න
SL Dhamma Notes
0:00 / 0:00
මිනිත්තු 10ක් නරඹන්න – සතර අපායවලින් මිදෙන්න
73 415 просмотров · 1 г. назад
SL Dhamma Notes
13,7 тыс. подписчиков
73 415 просмотров · 1 г. назад
🙏 සතර අපායෙන් මිදෙන්න – මිනිත්තු 10ක් ඔබ වෙනුවෙන් කැප කරන්න 🙏
අපේ ජීවිතය තුළ සිදු කරන කර්ම වලින් පසුව සතර අපාය වලට වැටීමේ අවදානමක් තිබේ.
මේ වීඩියෝව මගින් ඔබට අවබෝධයක් ලැබේ –
✅ සතර අපායන් මොනවාද?
✅ අපාය වලට යන ආකාරය කුමක්ද?
✅ එවැනි භීෂණයෙන් මිදීම සඳහා බුදුසසුන පෙන්වන මාර්ගය කුමක්ද?
✅ ඔබේ දිනපතා ජීවිතයෙහි ආචාර විනය යොදාගනිමින් කෙසේ සතර අපායෙන් වැළකිය හැක්ද?
මෙම විනාඩි 10ක් ඔබගේ ජීවිතය වෙනස් කළ හැකිය.
ධර්මය අසා ජීවිතය පිරිසිදු කරගන්න.
💠 ඔබට වටිනා වීඩියෝවක් නම් – like, comment, share කරන්න.
💠 නිතරම ධර්මය අසන්න – "Dhamma Notes" චැනලයට Subscribe වෙන්න.
0:19 සතර අපායන් සහ ඒවායෙන් මිදීමේ අවශ්‍යතාව
1:48 තිසරණ පිහිටේ අගය
2:13 නමස්කාරයේ වැදගත්කම
2:40 තුනුරුවන්ගේ දුර්ලභ බව
3:25 තෙරුවන් සරණ යාමෙන් ලැබෙන පිහිට
3:22 තිසරණයේ ආනුභාවයට දැක්වීමට නිදසුන් 1
3:37 තිසරණයේ ආනුභාවයට දැක්වීමට නිදසුන් 2
4:46 තිසරණයේ ආනුභාවයට දැක්වීමට නිදසුන් 3
6:07 තෙරුවන් සරණ යන්නේ කෙසේද?
සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විච්කිච්ජිතඤ්ච
සීලබ්බතං වාපි යදන්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තො
(රතන සූත්‍රයේ සදහන් වන ගාතා රත්නයකින් උපුටා ගෙන ඇත)
මෙම ගාථාවෙන් විස්තර කරන්නේ සෝවාන් ඵලයට පත්වීමේ වැදගත්කම සහ එමගින් අත්කර ගන්නා අධ්‍යාත්මික දියුණුවයි.
----------------------------------------------------------------------------------
"සහාවස්ස දස්සනසම්පදාය": යථාර්ථය නිවැරදිව දැකීම, සම්මා දිට්ඨිය මනාව අවබෝධ කරගැනීම සමඟ.
"තයස්සු ධම්මා ජහිතා භවන්ති": මෙලොව බැඳීම් තුනක් ක්ෂය කර හරියි.
"සක්කායදිට්ඨි ": තමන්ට ස්ථිර වූ ආත්මයක් හෝ සාරයක් ඇතැයි යන වැරදි මතය.
"මගේ ශරීරය", "මගේ හැඟීම්", "මගේ සිතුවිලි", "මගේ විඤ්ඤාණය" යැයි අල්ලාගැනීම සිදු කරයි. මේ නිසාම 'මම' යනුවෙන් සංකල්පයක් ගොඩනැඟී, එයට දැඩිව බැඳී සිටීම
"විච්කිච්ජිතඤ්ච": බුදුන්, දහම්, සඟුන් පිළිබඳ ඇති සැකය.
"සීලබ්බතං වාපි යදන්ථි කිඤ්චි": සීල වෘත සහ චාරිත්‍ර වාරිත්‍ර පමණක් පිළිපැදීමෙන් පිරිසිදු විය හැකි බවට ඇති වැරදි විශ්වාසය.
"චතූහපායේහි ච විප්පමුත්තො": සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා අපාය සතරෙන් සම්පූර්ණයෙන් මිදෙයි. (නිරය, තිරිසන් යෝනි, ප්‍රේත ලෝක, අසුර නිකාය)
මෙයින් සදහන් වන්නේ මනාව තිසරණයේ පිහිටා ධර්ම අවබෝධය ඇති කරගැනීම තුලින් සොවාන් පලයට පත්වු තැනැත්තාද සතර අපායෙන් මිදිය හැකි බවයි.
#Thissaranaya #buddish, #Sathara Appayya, #buddisht