Перейти к содержимому

මගේ නෝනගේ උපන්දිනය behind the scenes

Sajeev Rajaputhra

0:00 / 0:00

මගේ නෝනගේ උපන්දිනය behind the scenes

78 975 просмотров · 3 года назад
Sajeev Rajaputhra
182 тыс. подписчиков
78 975 просмотров · 3 года назад
ඕනෑම දෙයක් පිටින් බලද්දි ලේසියි කියල හිතෙනව... ඒක ලබාගන්න ගිය මහන්සිය තේරෙන්නෙ නෑ... සාර්ථක ව්‍යාපාරයක් පිටින් බලද්දිත් එහෙමයි.. හොඳ පවුල් ජීවිතයක් පිටින් බලද්දිත් එහෙමයි.. නමුත් දෙයක් සාර්ථක කරන්න විශාල මහන්සියක්, තමන්ගේ හිතේ පාලනයක්, ඒ වගේම සෑහෙන්න කැපකිරීම් ගොඩක් කරන්න ඕනේ..මේ ලඟදි නෝනගේ උපන්දිනේට ගත්තු උත්සවය ඒකට පොඩි උදාහරණයක්.. ඔයාලා එළියෙන් බැලුවම පේන ලස්සන දැක්කා.. දැන් එන්න ඒ ලස්සන මොහොත නෝන වෙනුවෙන් ලස්සන කරන්න ඒක පිටිපස්සෙන් මොනවද තිබ්බෙ කියලා බලන්න. Ps. උත්සව නොගෙන පිනට දෙන්න තිබුණා කියන අයට කලින්ම කියනවා.. අපි ජපානයේ ජීවත් වෙන නිසා අවුරුද්දකට සැරයක් දකින ඥාතිනුයි, යාළුවෝ කීප දෙනෙක් සමග, දවස් 364ක්ම විශාල මහන්සියක් කැප කිරීමක් කරන මගේ නෝනා වෙනුවෙන් 1 දවසක් එයාව මේ විදිහට සතුටු කිරීම මගේ අයිතිය පමණක් නොව මගේ යුතුකම.. පින් වැඩත් ඔනෙ තරම් කරනවා fb නොදැම්මට.. මගේ උපන්දිනයට කිසිම උත්සවයක් සංවිධානය නොකර ඒ වෙනුවට Maharagama Cancer Hospital එකට සහ දුෂ්කර පළාත් කිහිපයක අඩු ආදයම්ලාභී පවුල් ගණනාවකට donation කිහිපයක් කලා .. මේ දේවල් මං කියන්න කැමති නෑ.. එනිසා ඒවා ගැන කවුරුත් කලබල වෙන්න අවශ්‍යත් නෑ.. හැබැයි, මම එහෙම කියපු අයගෙන් මේ දේ අහනවා.. ස්වාමියෙක් වශයෙන් තමන්ගේ බිරිඳට නොකර, තාත්තෙක් වශයෙන් තමන්ගේ දරුවන්ට නොකර, ලෝකයේ අනිත් හැමෝටම කරත්, ඒක පිනක් ද?