Перейти к содержимому

ආලෝකය සහ අන්ධකාරය | දෙවියන්වහන්සේගේ සභාව

World Mission Society Church of God / Global

0:00 / 0:00

ආලෝකය සහ අන්ධකාරය | දෙවියන්වහන්සේගේ සභාව

1 285 просмотров · 1 г. назад
World Mission Society Church of God / Global
148 тыс. подписчиков
1 285 просмотров · 1 г. назад
ආලෝකය ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගත් අයගේ ලක්ෂණ මොනවාද? නොපෙනෙන කාලයේ ගෙවී යාම දැකීමට ඔරලෝසු නිර්මාණය කළාක් මෙන්, නොපෙනෙන ආත්මක ලෝකයේ ස්වර්ගයට හෝ නිරයට යාමේ විනිශ්චය අපට බයිබලය තුළින් දැකගත හැකිය. ආලෝකය ලෙස පැමිණි යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් පැමිණි නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් වන දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද අලුත් ගිවිසුමේ පාස්කුව පවත්වයි උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදියි. ගැළවෙන්නාවූ ආලෝකයේ දරුවන් කවුද? විනිශ්චය ලබන අන්ධකාරයේ දරුවන් කවුද? වසර දෙදහසකට ඉහතදී මනුෂ්‍යයන් කාණ්ඩ දෙකකට බෙදුණි, මාංසයෙන් පැමිණි යේසුස්වහන්සේව ගැළවුම්කරු ලෙස විශ්වාස කළ අය සහ නොකළ අය ලෙසය, තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙද පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන අයත් නොකරන අයත් සිටිති. මෙම විශ්වාසය මත දෙවියන්වහන්සේගේ විනිශ්චය දැනටමත් තීරණය වී ඇති බව බයිබලය පවසයි. යොහන් 3:19-21 විනිශ්චය නම් මේය-ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස අලෝකයට නොඑති. නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක. 1 යොහන් 1:5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය. මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්. 〖World Mission Society Church of God〗https://watv.org 〖Watv Media Cast〗https://watvmedia.org/si 〖Church of God Introduction〗https://introwmscog.com