Перейти к содержимому

Pooja Umashankar & Dr.Somaratne Dissanayake Talks About SaRiGaMa Sinhala Movie සරිගම චිත්‍රපටය

Pooja Umashankar's Portal

0:00 / 0:00

Pooja Umashankar & Dr.Somaratne Dissanayake Talks About SaRiGaMa Sinhala Movie සරිගම චිත්‍රපටය

38 165 просмотров · 10 л. назад
Pooja Umashankar's Portal
130 тыс. подписчиков
38 165 просмотров · 10 л. назад
ගීත දහතුනකින් සමන්විත වන සංගීතමය චිත්‍රපටයක් වන මෙහි ගැයුමින් විශාරදධාරින්ම පස් දෙනකු සහභාගි වන බව එහි විධායක නිෂ්පාදිකා රේණුකා බාලසූරිය පවසයි. නන්දා මාලිනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා සහ හර්ෂණ දිසානායක වශයෙනි. එයින් ගීත 6 ක්ම ගැයෙන්නේ උරේෂා රවිහාරිගේ හඬිනි. ආචාර්ය මාලිනී ෆොන්සේකා කන්‍යාරාමයක ප්‍රධාන පාලිකාවට පණ පොවන සරිගමප චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළ වශයෙන් පූජා උමාශංකර් සහ අශාන් ඩයස් රඟති. ගයනි ගිිසන්තිකා, රත්නා ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙනිය, දසුන් මධුසංඛ, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි රඟති. දමින්ද ඩී මඩවල, චාමර සේලාර සහ වර්ණන් අබේසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද විශ්ව බාලසූරියගේ කැමරාවෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායකගේ සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටියගේ කොණ්ඩා සැකසුම්වලින් ද කසුන් මලින්දගේ පරිගණකාශ්‍රිත දෘශ්‍ය ප්‍රයෝගවලින් ද මෙත්රුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණකරණය ආදියෙන් ද මේ චිත්‍රපටයට දායකත්වය දක්වති.