දුක්ඛ සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya-දහමින් සුවය
දහමින් සුවය | Dahamin Suwaya
0:00 / 0:00
දුක්ඛ සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya-දහමින් සුවය
3 132 просмотра · 2 мес. назад
දහමින් සුවය | Dahamin Suwaya
1,45 тыс. подписчиков
3 132 просмотра · 2 мес. назад
දුක්ඛ සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.
ධර්මය දකින නිවන කරා යන්නට වෙර දරන සත්පුරුෂයන් හට දහම් සුවය ලබන්නට මෙම වීඩියෝව උපකාරයක්ම වේවා!
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන් පිළිබඳව,
කුඩා කල පටන්ම ගිහි ජීවිතයෙන් සමු ගෙන පැවිදි බිමට ඇතුල් වීම ධම්මරතන හිමියන්ගේ එකම අභිලාශය විය. එහෙත් තම පියාණන්ගෙන් අවසර නො ලද හෙයින් ගිහි ජීවිතයේ රැඳී සිටිමින්ම භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම ඔහු විසින් අරඹන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහල විධායක නිලයක් දරමින්ම ඊට සමගාමීව භාවනාව සඳහා යොමු වුවත් ඒ සඳහා ලද කාලය මඳ වීම නිසාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහුට නො හැකි විය.
තම පියාණන්ගේ අභාවයෙන් පසුව 1983 වසරේදී ඔහු පැවිදි බිමට ඇතුල් වූයේ මේ ලද මිනිස් ආත්ම භාවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමේ පරම පවිත්‍ර අභිලාශයෙන්ම ය. 1984 වසරේදී ධම්මරතන හිමියන් විසින් තම උපසම්පදාව ලබා ගන්නා ලද අතර ඉන්පසුව නිරන්තරව හා ක්‍රමානුකූලව සමථ හා විදර්ශනා භාවනා ක්‍රම පුරුදු පුහුණු කරන ලදී. නොයෙක් විවිධ ක්‍රම අත් හදා බලමින් වසර දහයකට ආසන්න කාලයක් උන් වහන්සේ තම නිරන්තර උත්සාහයේ නිරත විය.
මෙසේ බොහෝ භාවනා අත්දැකීම් වලින් පරිපූර්ණ වූ පසු ත්‍රිපිටක හා සූත්‍ර පොත් කියවීමට යොමු වූ උන්වහන්සේට තමා භාවනාවෙන් ලද අත්දකීම් සියල්ලක්ම පාහේ මුලුමනින්ම බුදු වදනට අනුකූලව ගැලපී යන බව පසක් කොට ගත හැකි විය.
උන්වහන්සේ 1993 සිට ශ්‍රී සද්ධර්මය හා තම ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් අන්‍යන්ටද උත්තරීතර නිවන් සුව ලගාකරගැනීමට මග පෙන්වීම ඇරබීය .
2018-10-08 වන දින උන්වහන්සේ අපවත් වී වදාළ සේක.
මෙහි පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනයක් ඇතුලත්ය. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේ ම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.
තෙරුවන් සරණයි!
#දහමින්සුවය #Dahamin_suwaya #දන්කන්දේ_ධම්මරතන_හිමි #youtube