මහා බෝධි වන්දනා | සිත නිවන බෞද්ධ බැති ගී | Buddhist Song | Sinhala | PADMA TV
පද්ම TV | PADMA TV
0:00 / 0:00
මහා බෝධි වන්දනා | සිත නිවන බෞද්ධ බැති ගී | Buddhist Song | Sinhala | PADMA TV
1 514 просмотров · 2 мес. назад
පද්ම TV | PADMA TV
7,93 тыс. подписчиков
1 514 просмотров · 2 мес. назад
🙏මහා බෝධි වන්දනා 🌿
ශ්රී මහා බෝධීන් වහන්සේගේ අසිරිමත් මහිමය, බුදුරජාණන් වහන්සේගේ බෝධි ප්රාප්තිය සහ බුදුගුණ සිහිපත් කරමින් නිර්මාණය කළ මෙම බැතිබර ගීතය ඔබ සැමට පූජා කරමු.
Lyrics:-
දරා තෙද බල පුරා රැස්කළ බලෙන් අගපත් පාරමී...
අරා විදුරසුන් මහා වෙර ඇති දිනූ මරසෙන්
මාරජී...
මහා බෝ මැඩ එදා වැඩ හිඳ කෙලෙස් සිඳලූ අනුහසින්...
සදා පූජිත නැමී වඳිනෙමි ජය මහා බෝ සමිඳු මම්...
පියා දෙනුවන් යොමා දෙසවන් දුමිඳු අබියස රැඳී ඉන්නම්.
සිසිල් පවනින් සැලෙන බෝපත් නගන ස්වරයට කන් යොමන්නම්.
හමන සුළඟට සෙමින් කොඳුරන මිහිරි බුදුගුණ හඬ අසන්නම්.
සුදෝ සුදු වන් පුලින තලයේ සමිඳු සිරිපා
සටහන් සොයන්නම්.
මහා බෝ මැඩ එදා වැඩ හිඳ කෙලෙස් සිඳලූ අනුහසින්...
සදා පුජිත නැමී වඳිනෙමි ජය මහා බෝ සමිඳු මම්...
ජය මහා බෝ සමිඳු මම්...
මුනිඳු ගෞතම තිලොව තිලක ව විරාගී වූ නිකෙලෙස් සිතින්,
මහා මෙත් ගඟ ගලාගෙන යන සිසිල් වී ගිය හදවත දරන්,
මහා සිහ නඳ පතුරුවා හල උතුම් සම්බුදු අසිරිය බලන්,
සෙවන සැලසූ මහා බෝ රජු නැමී සිරසින්
වඳිමි මම්.
මගේ බුදු රජු කෙලෙස් යුධයෙන් විජය සිරි ලද බෝ සමිඳු සෙවනේ ඉඳන්.
මහා බෝ මැඩ එදා වැඩ හිඳ කෙලෙස් සිඳලූ අනුහසින්...
සදා පුජිත නැමී වඳිනෙමි ජය මහා බෝ සමිඳු මම්...
ජය මහා බෝ සමිඳු මම්...
නැගුණු ගුවනට ලෙලෙන අතු අග තිබුණු මහලුවී ගිය බෝ පතක්,
වැදී සුළඟින් පාව ඇවිදින් රැඳී මා නෙත් ඉදිරියෙන්,
සසර ගමනක තියෙන අනියත දහම පවසයි බුදු හිමි ලෙසින්.
දොහොත් මුදුනත තබා වඳිමින් තබමි පියවර නිවෙන මග වෙත මගේ බුදු හිමි පසුපසින්.
මහා බෝ මැඩ එදා වැඩ හිඳ කෙලෙස් සිඳලූ අනුහසින්...
සදා පුජිත නැමී වඳිනෙමි ජය මහා බෝ සමිඳු මම්...
ජය මහා බෝ සමිඳු මම්...
මෙම ගීතය නැරඹීමෙන් ඔබගේ සිතට සාමය, ශ්රද්ධාව සහ බුදු සරණ පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති වේවා!
🙏 ඔබට මෙම වීඩියෝව ප්රිය නම්,
🔸 Like කරන්න.
🔸 Comment එකක් ලියන්න.
🔸 Share කරන්න.
🔸 PADMA TV YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සක්රීය කරන්න.
තෙරුවන් සරණයි!
#MahaBodhivandana#jayashrimahabodhiya #BuddhistSong #SinhalaBana #BodhiTree #Buddhism #Buddha #BuddhaVandana #SriMahaBodhi #PadmaTV #BuddhistMusic #SinhalaSongs #DevotionalSong.