Перейти к содержимому

කළණ මිතුරු දහම් සාකච්චා 38

Vidya Udapadi - විද්‍යා උදපාදි - ලසන්ත මනෝහර

0:00 / 0:00

කළණ මිතුරු දහම් සාකච්චා 38

1 704 просмотра · 8 месяцев назад
Vidya Udapadi - විද්‍යා උදපාදි - ලසන්ත මනෝහර
1,04 тыс. подписчиков
1 704 просмотра · 8 месяцев назад
“යං කිඤ්චි සමුදයධම්මං, සබ්බන්තං නිරෝධධම්මන්ති” https://tripitaka.online/sutta/6075 කම්මං භික්ඛවේ වේදිතබ්බං, කම්මානං නිදානසම්භවෝ වේදිතබ්බෝ, කම්මානං වේමත්තතා වේදිතබ්බා, කම්මානං විපාකෝ වේදිතබ්බෝ, කම්මනිරෝධෝ වේදිතබ්බෝ, කම්මනිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. මහණෙනි, කර්මය දත යුත්තේ ය. කර්මයන්ගේ පසුබිම හටගන්නා අයුරු දත යුත්තේ ය. කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේ ය. කර්මයන්ගේ විපාකය දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වීම දත යුත්තේ ය. කර්මයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දත යුත්තේ ය. https://tripitaka.online/sutta/10420 යෝ’ධ පුඤ්ඤං ච පාපං ච උභෝ සංගං උපච්චගා අසෝකං විරජං සුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම්, ඔහු ශෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. Dhammapada - Brahmana Vagga 412.30 https://tripitaka.online/sutta/11804/95 00:00 Introduction 10:00 චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනා පහළ කොට කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයි. නිබ්බේධික සුත්‍රය https://tripitaka.online/sutta/10420 13:00 පුඤ්ඤං ච පාපං ච -Dhammapada - Brahmana Vagga 412.30 https://tripitaka.online/sutta/11804/95 යෝ’ධ පුඤ්ඤං ච පාපං ච උභෝ සංගං උපච්චගා අසෝකං විරජං සුද්ධං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම්, ඔහු ශෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ. (ජේතවනාරාමයේදී රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි.) 13:15 ආර්යකාන්ත සීලය මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සතර අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වෙයි. ඒ කවර සතර ධර්මයකින් ද යත්; මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි. මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සතර අපායෙන් මිදුණේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වෙයි. බ්‍රහ්මචරියෝගධ සූත්‍රය https://tripitaka.online/sutta/6294 ලසන්ත මහතාගේ අකාලික වීයෝවෙන් අපි පසු නොබැස, එතුමාට කරන ගෞරවයක් වසයෙන් ඒ අමිල දහම සහ ඒ සදහම් සාකච්චා දහමට ලැදි සියලු දෙනාටම ලැබෙන්න සලසන එක අපේ වගකීමයි. එබැවින් විද්‍යා උදපාදී You Tube චැනලය සහ විද්‍යා උදපාදි WhatsApp group එක දිගටම පවත්වා ගෙන යමු. ලසන්ත මහත්මයා සමග සාකච්ඡා කරන්නට යෙදුන ධර්ම සාකච්ඡා ඇත්නම් විද්‍යා උදපාදි WhatsApp group එකට ඇතුලු කරන්න. YouTube චැනලයට ඇතුලු කරන්න කැමැති සාකච්චා ඇත්නම් ඒවා vidyaudapadigroup@gmail.com එකට ඊමේල් කරන්න. එතුමා සමග කළ සාකච්ඡා ඇසීම ම එතුමාට කරන ගෞරවයයි.. එය එතුමාට කරන කෘතය ගුණවේදයයි. ලසන්ත මහත්මයානෙනි, කළණ මිතුර, සොහොයුරාණනි, ඔබ‍ට පරිපුර්ණ දහම් අවබෝධය, පිරිනි වීම, බොහෝ දුර නොවේවා.... එතුමන් අපට හෙලිකර දුන් දහම මිල කල නොහැකි උපකාරයක් . අපද කෙන, කෙනාට හැකි පමණින් එතුමාගේ ආදරණීය පවුල හැකි තාක් කල් රැක බලා ප්‍රතිඋපකාර දක්වමු. For more information about donations or how you can assist his family, please contact Lahiru at +94 71 666 3696 Request to join Vidya Udapadi WhatsApp Group; https://chat.whatsapp.com/LZo4zbbFGqu... Request to join Kalana Mithuru Discussions WhatsApp Group; https://chat.whatsapp.com/I8phYXCgwIx...