යථාර්ථය හා මායාව අතර අරගලය: දියමන්ති මාලය (The Necklace) කෙටිකතා විග්රහය | ගී ද මෝපසාන්
rasakalasa lk
0:00 / 0:00
යථාර්ථය හා මායාව අතර අරගලය: දියමන්ති මාලය (The Necklace) කෙටිකතා විග්රහය | ගී ද මෝපසාන්
710 просмотров · 1 мес. назад
rasakalasa lk
379 подписчиков
710 просмотров · 1 мес. назад
ප්රංශ ජාතික විශිෂ්ටතම කෙටිකතාකරුවෙකු වන ගී ද මෝපසාන් (Guy de Maupassant) විසින් රචිත
, ප්රකට ලේඛක කේ. ජී. කරුණාතිලකයන් අතින් සිංහලට පරිවර්තනය වූ
"දියමන්ති මාලය" (The Necklace) කෙටිකතාව ඇසුරෙන් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත
.
තමා උපත ලබා ඇත්තේ සියලු සැප සම්පත් විඳීමට යැයි සිතමින්, තමාට උරුම වූ සාමාන්ය මධ්යම පාන්තික ජීවිතය පිළිබඳ නිරන්තරයෙන් පසුතැවිලි වන රූමත් මැටිල්ඩා ලොයිසල්
, රාජ්ය උත්සවයකට සහභාගි වීම සඳහා ඇගේ පොහොසත් මිතුරියක වන ෆොරෙස්ටියර් මහත්මියගෙන් දියමන්ති මාලයක් ඉල්ලා ගනී
. නමුත් එදින රාත්රියේ සිදුවන අනපේක්ෂිත සිදුවීමකින් ඇගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වේ
.
නැතිවූ මාලය වෙනුවට අලුත් මාලයක් මිලදී ගෙන දීමට සිදුවන ණය බර නිසා
, ඇය සහ ඇගේ සැමියා වසර 10ක් පුරා අතිශය දුෂ්කර හා කටුක ජීවිතයක් ගෙවති
. නමුත් වසර 10කට පසු ඇය මුහුණ දෙන සැබෑ යථාර්ථය කුමක්ද?
මෙම වීඩියෝවෙන් දියමන්ති මාලය කෙටිකතාවේ එන:
මැටිල්ඩාගේ මනෝලෝකය සහ ආශාවන්
ඇගේ පරාර්ථකාමී සැමියාගේ කැපවීම්
මාලය නැතිවීම සහ වසර 10ක කටුක ජීවිතය
අවසානයේ හෙළිවන ඉරණමේ සරදම් සහගත සත්යය
පිළිබඳව ඉතා අලංකාර දෘශ්ය නිරූපණයන් සහිතව විග්රහ කෙරේ. මිනිස් ජීවිතයේ මායාව සහ කටුක යථාර්ථය පිළිබඳව ගැඹුරින් සිතන්නට පොළඹවන මෙම සාහිත්ය නිර්මාණය නරඹා ඔබගේ අදහස්ද පහතින් කමෙන්ට් කරන්න!
📌 නාලිකාව සබ්ස්ක්රයිබ් (Subscribe) කර දිගටම රැඳී සිටින්න!